මිල්ක්මේඩ් , ඉසින ලද ලස්සන ස්ප්‍රින්කල්ස් , චොකලට් සහ මැජික් ගොඩක් ✨ නත්තල් කේක් පොප්ස් .... ඉදිරි සතිඅන්තයේ හදලා බෙදා ගෙන රස විදින්න.😍
✅ අවශ්‍ය ද්‍රව්‍ය :
- 💢 වැනිලා කේක් ග්‍රෑම් 400
- 💢 මිල්ක්මේඩ් මේස හැඳි 4
- 💢 වයිට චොකලට් ග්‍රෑම් 200 ක්
- 💢 ඩාර්ක් චොකලට් ග්‍රෑම් 200 ක්
- 💢 සැරසීම සදහා ස්ප්‍රින්කල්ස්
- 💢 ගාන ලද පොල්
✅ සාදන ආකාරය :
- ❤ මිල්ක්මේඩ් සහ කේක් බෝල සාදා ගැනීමට පදම එන තෙක් හොඳින් මිශ්‍ර කරන්න.
- ❤ ඒවා සියල්ලම එකම ප්‍රමාණයෙන් සෑදීමට උත්සාහ කරන්න.
- ❤ ඒවා තැටියක් මත තබා විනාඩි 30 ක් ශීතකරණයේ තබන්න.
- ❤ චොකලට් උණු කර, ලී කූරක් ගෙනඑයට එක් කෙළවරක් චොකලට් තුළ ඇතුළු කර සීතල බෝල මත ගසන්න.
- ❤ දැන් ඒ බෝලය කූර පිටින්ම වෙන වෙනම චොක්ලට් ජාති දෙකේ ගිල්වා ගන්න.
- ❤ ඒ මත ස්ප්‍රින්කල්ස් තවරා ගන්න.
- ❤ දැන් ආදාරකයක ගසා නැවත ශීතකරනයේ පැය කාලක් තියන්න..
එහෙනම් කේක් පොප්ස් රස විදින්න..
නෙතුලි ආකර්ශා ඩැනියල්ගී කෑම වට්ටෝරුවකි |
0 comments:
Post a Comment