Lengathuma Pada Song Lyrics - ලෙංගතුම පද ගීතයේ පද පෙළ

Lengathuma Pada Song Lyrics - ලෙංගතුම පද ගීතයේ පද පෙළ
Song Title : Lengathuma Pada (ලෙංගතුම පද)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)


අමුණන්න මට ලෙංගතුම පද
කවිකාර මේ හිත මතින්..

නුඹ යි ගීතය හෙමින් මිමිණෙන
ප්‍රේම ගගුලේ කැළතෙමින් ...

පාට තැවරූ නේක විසිතුරු
නුඹ යි සිත්තම  හද මතින්...

කෝල දෙනුවන් පුරා සෙනෙහස 
වෑහෙමින් අද නුඹ නමින්...

ජීවිතේ රසබර කතාවක 
මිහිර රදවා හෙමි හෙමින්...

ශෝක දහරා යවා දුරතෙර
නුඹ යි උන්නේ මා ළගින්....

පුරා පෙරුමන් සසර හැමවර
හිදින්නැති අපි මේ ලෙසින්...

හුස්ම ගැහෙනා ස්වරය  නුඹමය
රකිමි නෙත් පියවෙන සරින්..

මල්❤

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment