Kese Kiyannada Song Lyrics - කෙසේ කියන්නද ගීතයේ පද පෙළ

Kese Kiyannada Song Lyrics - කෙසේ කියන්නද ගීතයේ පද පෙළ
Song Title : Kese Kiyannada (කෙසේ කියන්නද)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
තනුව : ක්ලැරන්ස් විජේවර්ධන
1974 දී "ජෙම්ටෝන්" ලේබලයෙන් නිකුත්වූ "කෙසේ කියන්නද" තැටියට (මුල් ගී තැටිය) ඇතුළත් වූ ගීයකි.(තැටි අංකය Gemtone / OME 62)

කෙසේ කියන්නද
ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

කිසිවෙකු කිසිවිට අදහන්නේ නැත
ඔබ වැරදිය කියලා
ලොව මට එරෙහිව දොස් පවරනු ඇත
මා වැරදිය කියලා

කෙසේ කියන්නද
ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

සෙනෙහස බිඳුනද මේ අවමානෙන්
ගැලවිය යුතු හින්දා
ම විසින් ඔබ අත්හළෙමි යි පවසමි
ලොවටම ඇසෙන නියා

කෙසේ කියන්නද
ඔබ මා අතහැර
ඉවත ගියා කියලා
මගේ මුවින් මම
ලොවට කියා ඇත
ඔබ ගුණවත් කියලා

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment