බිම්මල් හෙවත් හතු ව්‍යංජන විශේෂයෙන් නිර්මාංශ අයට පිළිගැන්විය හැකි පහසු ආහාරයක්. අඩු මිලට ලබාගත හැකි බිම්මල් බොහෝ සුලබව වෙළඳපොළෙන් පහසුවෙන් ලබාගන්න පුළුවන්.මෙන්න වට්ටෝරුව.
✅ අවශ්‍ය ද්‍රව්‍ය:
- බිම්මල් 200g
- ලියාගත් රතු ළූණු 100g
- සුදු ළූණු බික් කිහිපයක්
- තක්කාලි 100g
- අමු මිරිස්
- ගම්මිරිස්, ලුණු
- බැදගත් තුනපහ
- උළු හාල්
- රම්පෙ
- කරපිංචා
- පොල්තෙල්
- පොල්කිරි
✅ සාදන ක්‍රමය:
- බිම්මල් සිහින් කැබලිවලට ඉරා ලුණු වතුරේ ගිල්වා මඳ වේලාවක් තබා සෝදා ගන්න.
- තෙල් ස්වල්පයක් ලිප තබා කරපිංචා, රම්පෙ, උළු හාල්, අමු මිරිස් සහ රතුළූණු දමා රන්වන් පැහැයට හැරුණු පසු බිම්මල්, තුනපහ සහ අවශ්‍ය පමණට ලුණු එක් කරන්න.
- මඳ වේලාවකින් මිටිකිරි සහ තක්කාලි ද දමා මිනිත්තු 10ක් පමණ පිසගෙන බාගන්න.
0 comments:
Post a Comment