රසට හැලප හදමු ( Halapa Hadamu )

රසට හැලප හදමු ( Halapa Hadamu ) - Your Choice Way
අපි කවුරුත් කැමති කෑමක් හැලප කියන්නේ.ඉතින් අද හැලප හදන හැටි තමයි කියන්න යන්නේ.හරිම ලෙසියි.පදමට ගන්න මෙන්න ක්‍රමය ..

✅ අවශ්‍ය ද්‍රව්‍ය:

  • පාන් පිටි 125g
  • කුරක්කන් පිටි 125g
  • ලුනු ස්වල්පයක්
  • වතුර 80ml
  • ගා ගත් පොල් 150g
  • සිනි 75g
  • කැන්ද කොල

✅ සාදාගන්නා ක්‍රමය:

  1. පළමුව භාජනයක් ගෙන එයට පිටි හා කුරක්කන් පිටි,ලුනු එකතු කර ටිකෙන් ටික වතුර එක් කර හොදින් කවලම් කර පිටි මොලියක් වනතෙක් අනා අවශ්‍ය ප්‍රමාණයට කඩා රවුම් කර ගන්න.
  2. බදුනක් ගෙන රත් කර සිනි ස්වල්පයක් දා මදක් කළු කර ඉතුරු වුනු සිනි එකතු කර වතුර දා හොදින් කවලම් කර රත් කර ගන්න.පසුව පැණි සාදාගත් පසු එයට ගා ගත් පොල් එක් කර කවලම් කර සදා ගන ලිපෙන් ඉවත් කරන්න.
  3. කැන්ද කොල ගෙන එය මත සදා ගත් කුරක්කන් ගුලි හොදින් තුනී කර ගන්න.එම මත පැණි පොල් මදක් දමා තුනී කර කැන්ද කොල දෙකට නමා ගන හුමාලයෙන් තම්බගන්නා.ඉතා රසවත් දේශිය අතුරු පසක් ඔබත් බුක්ති විදින්න.
රසට හැලප හදමු ( Halapa Hadamu ) - Your Choice Way
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment