Duwani ( Hithenawa Mamath Piyeku ) Song Lyrics - දුවනී ( හිතෙනවා මමත් පියෙකු ) ගීතයේ පද පෙළ

Duwani ( Hithenawa Mamath Piyeku ) Song Lyrics - දුවනී ( හිතෙනවා මමත් පියෙකු ) ගීතයේ පද පෙළ
Song Title : Duwani ( Hithenawa Mamath Piyeku ) (දුවනී ( හිතෙනවා මමත් පියෙකු ))
Singing - Mihindu Ariyaratne
Lyrics - Manuranga Wijesekara
Music - Ashan Fernando


හිතෙනවා මමත් පියෙකු වූවැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ

කුලුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ
හිමිනැතත් මට වන්නට
පිය උරුමේ
නොවුනත් ඇය මගේ දුවනී
අපි මැවූ සිහිනේ සිටියේ ඇයයි

අපි මැවූ සිහිනයේ නිම්හිම් සොයා
අදවූනත් මා සිතින් යනෙනා නිසාආආආ
නම නොදන්න මාගේ දූවනී
මම නොදන්න මාගේ දුවනී
අපගේ හීනේ හැඩකෙරූ කුමරී

පෙම්වතී ඇය පෙර මගේ ලෝකයේ
වෙන්ව ගියේ අපි පිනක් මදිවී නොවේ
ඇය මවක් වී අද ගොඩනැගූ ලෝකයේ
ඇයත් ඔබවත් හදවතින් මගෙ වගේ

දුර ඉඳන් හිතතුටින් ඉන්නම් බලා
මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසාආආආ
මා නොදන්න මාගේ දුවනී
මා නොදන්න මාගේ දුවනී
අපගේ හීනේ හැඩකෙරූ කුමරී

හිතෙනවා මමත් පියෙකුවුවැයි
පෙර පෙම් කෙරූ ඇය මවක් වූව දවසේ
කුලුඳුලේ ඇය වැදුවේ මගේ සිහිනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment