Arambumama Kadulak Wela Song Lyrics - ඇරඹුමම කඳුලක් වෙලා ගීතයේ පද පෙළ

Arambumama Kadulak Wela Song Lyrics - ඇරඹුමම කඳුලක් වෙලා ගීතයේ පද පෙළ
Song Title : Arambumama Kadulak Wela (ඇරඹුමම කඳුලක් වෙලා)
Singing : Kasun Kalhara (කසුන් කල්හාර මහත්මා)


ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

දුක්බරම කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා //
අරුත පසඳීන්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එන තුරා
එහි රැඳෙන්නට සිත් නැති නිසා //
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුමම කඳුලක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුරත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා //

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment