Adare Duka Uruma Hinda Song Lyrics - ආදරේ දුක උරුම හින්දා ගීතයේ පද පෙළ

Adare Duka Uruma Hinda Song Lyrics - ආදරේ දුක උරුම හින්දා ගීතයේ පද පෙළ
Song Title : Adare Duka Uruma Hinda (ආදරේ දුක උරුම හින්දා ගීතයේ පද පෙළ)
Lyrics : Lakeeshan Madhushankha Suraweera (ලකීෂාන් මධුසංඛ සුරවීර)


තබා හිස මත නුඹේ දකුණත ඉන්නවාමයි ළඟ කියා
දුන් පොරොන්දුව ඉටු කරපු හැටි හිතාගන්නත් බැරි නිසා
ඔහේ දෙනයන ගලන කඳුලට නැවතුමක් තව නැති නිසා
හදේ මියැදෙන හැඟුම් පපුවට තාමත් බර වැඩිද මන්දා...

හිනා උණු මුව දකින්නත් නැත සිනාවන් කොහෙදෝ ගිහිල්ලා
ගලා යන රුහි බිඳු පවා තුල වේදනා කැටි වී ගිහිල්ලා
පුරා මසිතට දුන්නු සිහිනෙට ආදරේ අද අහිමි වීලා
බලා ඉමි තව දෙනෙත් අභියස මිරිඟුවද බොඳවී ගිහිල්ලා...

කඩා වැටෙනා පැතුම් පොදි වල බරද උහුලනු බැරිම හින්දා
ඔහේ තනි උනු හිතට අසරණ මතකයන් නොමැකෙන්න රන්දා
ගියත් අතහැර මගේ දිවිමග ඔබේ ගමනට අසිරි පතලා
ඉකිගසන හිත වාව ගන්නම් ආදරේ දුක උරුම හින්දා...

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment