ලෝක සෞඛ්‍ය සංවිධානය අලුතෙන් සොයාගන තියන විදියට , දවසකට මනුස්සයෙක් ප්ලාස්ටික ග්‍රෑම් 5ක් ආහාරයට ගන්නවා. ඒක අපි භාවිතා කරන ක්‍රෙඩිට් කාඩ් එකක බරට සමාන වෙනවා. ආහාර හා ජලය මගින් අපේ ශාරීර වලට මේ ප්ලාස්ටික් මයික්‍රෝප්ලාස්ටික් අංශු විදියට ඇතුල් වෙලා නොයෙක් රෝගාබාධ ඇති කරන්න දායක වෙනවා. මොනාද මේ මයික්‍රෝප්ලාස්ටික්...
1952 පොලිතින් සොයාගැනීමට නොබෙල් තෑග්ගක් රසායන විද්‍යා ක්ශේස්ත්‍රය හරහා ලැබෙනවා. ඒත් මේ පොලිතින් ප්ලාස්ටික් අද ලෝකේ විනාශ මුඛයට ඇද දමන ප්‍රධාන සාධකය වෙලා. ප්ලාස්ටික් පොලිතින් දිගු කාලයක් විනාශ නොවී තිබුනත් ඒවායේ ක්ෂය වීමක් වෙනවා. මේවා අංශු විදියට පරිසරයට එකතු වෙනවා වගේම ඒවා මයික්‍රෝප්ලාස්ටික් ලෙස හදුන්වනවා.
ලෝකයේ ප්ලාස්ටික් වතුර බෝතල වලින් 91% කම මයික්‍රෝප්ලාස්ටික් අන්තර්ගතයි. ලංකාවේ මේවා හරි හැටි සොයා බලන්න තරම් තාක්ෂණයක් නෑ. ඉතින් තත්වේ භයානකයි. මොකද මේක කොරොනා වගේම තමා. ඇහැට පේන්නේ නෑ. මේ කතා කරපු මයික්‍රෝප්ලාස්ටික් ද්විතීයික මයික්‍රෝප්ලාස්ටික්. ප්‍රාථමික මයික්‍රෝප්ලාස්ටික් මිනිසා විසින්ම නිපදවනවා. දන්තාලේප, මුහුනු ආලේපන, ස්ක්‍රබ් වර්ග, වෙනත් රූපලාවන්‍ය ද්‍රවය, සේදුම් කාරක වල මේවා අන්තර්ගතයි.
ඒවා කෙලින්ම ශරීරයට යනවාට වඩා උදාහරණයක් විදියට දත් මැදලා කෙල ගැහුවම ඒ දන්තාලේප වල අන්තර්ගත මයික්‍රෝප්ලාස්ටික් පරිසරයට එකතු වෙනවා. මේ අංශු පරිසරයේ එක එක විශ ද්‍රවය අවශෝෂණය කරගෙන ජලයට එකතු වෙනවා. බොහෝ පෙරන වලින් මේ අංශු රදවා ගන්න බෑ. ඉතින් මේ විදියට වක්‍රාකාරව නැවතත් අපිටම මේ අංශු ශරීරගත වෙනවා.
විශේෂයෙන්ම ජලජ ජීවීන්ගේ ශරීරවල මයික්‍රෝප්ලාස්ටික් තැන්පත් වෙනවා. අපි රසකර කර කන මිරිදිය කරදිය මාලුන්ගෙන් මේ අංශු අපේ ශරීරවලට එනවා කියලා අපිට පේන්නේ නෑ. මේ විදියට පැය විසිහතර පුරා අපි ප්ලාස්ටික් ගිලිනවා. මේ ගැන ඉස්සරහට තවත් කියන්නම්...
Thilini Lasanthika
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment