Sudu Neluma Ko Song Lyrics - සුදු නෙළුම කෝ ගීතයේ පද පෙළ

Sudu Neluma Ko Song Lyrics - සුදු නෙළුම කෝ ගීතයේ පද පෙළ
Song Title : Sudu Neluma Ko (සුදු නෙළුම කෝ)
Singing : Pandith W.D. Amaradewa (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)

සුදු නෙළුම කෝ
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා
වැවට කළුවර යා වුනා
සංසාර දුක බෝවුණා

නෙළූ මල් මිට ඉහිරුණා
එහා ඉවුරට පා වුණා
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ

සිහින් සිරි පොද වෑහුණා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ දුන් මහියංගනේ
පුන් පෝයදා පාළොස්වක
මල් නෙළා විකිණූ පන්සලේ
සුදු නෙළුම කෝ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment