Song Title : Sitha Gagulalle (සීත ගගුලැල්ලේ)
Lyrics : Lakshani Withanage (ලක්ෂාණි විතානගේ)
සීත ගගුලැල්ලේ මිහිදුම් සලු අතරින්
පෙරි පෙරී එන සුදෝ සුදු පෙනකැටිති
පිවිතුරුය සුන්දරය මනහරය
විශ්වයේ සොදුරු දසුනකි එය
සිත් සතන නිවා සනහන
ඈත කදුකරයේ මනහර උල්පතක්
කියාපායි එහි උපතත්
නෙක විසිතුරු හැගුමින්
සිත සනහයි නෙත පිනවයි
සාරවත් කරයි කෙත්වතු හෙම ගංගා
ජීවය සලසයි මසුන් හට මේ ගංගා
කඩාහැලෙන මිහිදුම් සලු මවයි රූ අගනකගේ සිරිය
ඔප්නංවා ඒ රූ ගත සරසා සිහින් සිනිදු සලු
පෙණපිඩුවක නැගිලා යන්න හිතෙයි මටත්
ගලාගෙන සයුර නැමති හිමි සොයාගෙන නොනැවතී
0 comments:
Post a Comment