මේ නව වසරේ අපි මුලින්ම යන්නේ රුවන්වැලි මහසෑ රජුන් වැදපුදා ගන්න..රජරට අහසේ සුදට සුදේ බබළමින් උසට දිස්වන රුවන්වැලි සෑය අප රටේ බොදු සැදැහැවතුන්ගේ වැඩිම වන්දනාවට පාත්‍ර වන දාගැබක් කිව්වොත් නිවැරදී..
රුවන්වැලි සෑය “රුවන්මැලි සෑය” නමින් ද, මහාථූපය නමින් ද, ස්වර්ණමාලි මහ චෛත්‍යය නමින් ද හැඳින්වෙනවා.
මෙලෙස නම් ලැබීමට හේතුවූ ජනප්‍රවාද මෙසෙයි..දුටුගැමුණු රජ කාලයේ මෙම ථූපය ඉදිකිරීමට යන අවස්ථාවේ ඉදිකිරීමට නියමිත භූමියේ තෙලඹු ගසක් තිබිලා තියෙනවා...
නමුත් එය කපා දැමීමට සිදු ව තිබෙනවා..එම ගසේ වැඩ සිටි දේවතාවියකට උපහාර පිණිස මෙය ස්වර්ණමාලි මහා චෛත්‍යය යන නම ලැබූ බවත් ජනප්‍රවාදවල සඳහන් වෙනවා...
එවකට රටේ ඉදිවූ විශාලම දාගැබ මෙය නිසා වංශකතාකරුවන් මේ දාගැබ මහා ථූපය නමින් ද හඳුන්වා තිබෙනවා.
රුවන්වැලිසෑය කරවූයේ දුට්ඨගාමිණී මහරජතුමා විසින්...
නමුත් රජුට එහි වැඩ නිම කිරීමට ඉඩ ලැබුණ් නැහැ.
රජුගේ මරණයෙන් පසු ඔහුගේ සහෝදර සද්ධාතිස්ස රජු දාගැබේ ගර්භයෙන් ඉහළ සිට වූ ඉතිරි වැඩ නිම කළ බව මහාවංශය සඳහන් කරනවා.
දාගැබේ එකල උස රියන් 120ක් හෙවත් අඩි 300ක් පමණ වුණු බව ඉතිහාසයේ සඳහන්.
අද එහි උස අඩි 338ක්. චෛත්‍යයේ විෂ්කම්භය අඩි 3790ක්. කොත පමණක් (චූඩා මාණික්‍යය සමඟ) අඩි 25ක් පමණ උසයි.
දාගැබ් මළුවේ පැත්තක දිග අඩි 465ක් වෙනවා.
දාගැබ් මළුවට වැටෙන වැහි වතුර එක්රැස්වීමට එසමයේ වෘත්තාකාර පොකුණු හතරක් ඉදිකර තිබුණා. අද ඉන් පොකුණු තුනක් විනාශ වෙලා...
දාගැබ් මළුවට පිවිසීම සඳහා පුරාණයේ දොරටු හතරක් සිව් පසින් ඉදිකර තිබුණා.
ඒ අතරින් නැගෙනහිර, උතුරු, සහ බටහිර දොරටු අදත් දක්නට තිබෙනවා. දකුණු දොරටුව නටබුන් වෙලා.
රුවන්වැලි දාගැබ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අනුරාධපුර පුජා නගරයේ ථුපාරාමය,ශ්‍රී මහාබෝධිය, බසවක්කුලම වැව යනාදියට මැදිව පිහිටි බෞද්ධ පුජ්‍යස්ථානයක්...
අටමස්ථානයන්ගෙන් ද එකක්.සුදට සුදේ බබළන රුවන්වැලි සෑය වැදපුදා ගන්න ඔබත් යන්න.
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment