Song Title : Ruhiru Dahara Kirata Harawa (රුහිරු දහරා කිරට හරවා)
Lyrics : Malshi Senadheera (මල්ෂි සේනාධීර)
රුහිරු දහරා කිරට හරවා
දෙතන කිරි දී බිදෙන් බිද රස
විශ්වයේ මහ විශ්මය කියාදුන්
ස්නේහයේ මහ ප්‍රතිරුවයි නුඹ
මාතු පාදං නමාමී ........//
මුලු දිවිය කඳුලින්ම දියකර
සිනා ගෙනදී නිවා සංකා
අහස් කුස සමුදුර ද සම කොට
ඵලස කොට දී දිවි දිනන්නට
තබ තබා උන් තුමුල ගිරි හිස
නුඹයි අම්මා නිසලව සිනාසුන
මාතු පාදං නමාමී......//
අදුර නිවමින් එලිය දී නෙක
සිනාසුන පුන් සඳයි නිලඹර
ගතින් සියුමැලි ,සිතින් හැඩිදැඩි
වීර මාතා මගේ දිවි මග
මාතු පාදං නමාමී ....//
නිමාවන තුරු මේ සසර මග
රහල් පුතු මෙන් නුබේ පසුපස
උපදිනා හැම භවක් පාසා
ඔය කුසේ ඉඩ දෙනවාද මට......//
මාතු පාදං නමාමී ......///
මල්❤❤️
0 comments:
Post a Comment