රට ඉදී ටිකක් වැඩිපුර දාලා රසට හදන්න පුලුවන් කෑමක් මෙන්න අද අපි ඔබ වෙත ගෙනාවා.හැමදාම හදන කේක් එකට වෙනසක් කරමු..
✅ අවශ්‍ය දේවල්:
- ඇට ඉවත් කර ගත් රටඉදි 500 ග්‍රෑම් ( රට ඉදි වැඩියෙන් එකතු කර ගැනීමෙන් රස වැඩියි )
- වතුර කෝප්ප 1
- දුඹුරු සීනි 100 ග්‍රෑම්
- බිත්තර 2
- බටර් 125 ග්‍රෑම්
- පිටි කෝප්ප 1 1/2
- වැනිලා තේ හැදි 2
- බේකින් පවුඩර් තේ හැදි 1
- බේකින් සෝඩා තේ හැදි 1
✅ සාදන ආකාරය:
- පෑන් එකක් ගෙන ඊට රටඉදි,බටර්,සීනි සහ වතුර දමා ලිප තබන්න.වතුර ඉතිරෙන විට හොදින් කලවම් කරන්න.
- දැන් වතුර සිදී රටඉදි මෙලෙක් වනවිට ලිප වසා පෑන් එක පැත්තකින් තබන්න.
- දැන් එයට බේකින් සෝඩා එකතුකර ලී හැන්දකින් කලවම් කර ගන්න. විනාඩි දහයක් පමණ වසා තබන්න.
- බිත්තර කඩා හොදින් බීට් කර ගන්න.
- එයට පිටි,බේකින් පවුඩර්, වැනිලා එකතු කර මිශ්‍ර කරන්න.
- දැන් එය රටඉදි මිශ්‍රණයට එකතු කර නැවත හොදින් මිශ්‍ර කර ගන්න.
- තෙල් කඩදාසියක් දැමූ බේකින් ට්‍රේ එකකට එම මිශ්‍රණය දමා 180 උශ්ණත්වයෙන් විනාඩි 30 ක් බේක් කර ගන්න.
0 comments:
Post a Comment