අහලා ටිකක් හුරු නැහැ නේද?? බලන්නකෝ හරිම රසයි.ආප්ප වලට පොඩි වෙනසක් කරමු...
✅ අවශ්‍ය ද්‍රව්‍ය:
- කැකුළු හාල් කෝප්ප 2ක්
- වේලුනු පොල් ගෙඩියක් ගා කිරි කෝප්ප 2ක්
- සීනි මේස හැදි 1ක්
- යීස්ට් තේ හැදි1/2ක්
- ඔම්ලට් හදාගන්න ඕන කරන එළවලු වර්ග ටිකක්
✅ සාදන ක්‍රමය:
- කැකුළු හාල් කෝප්ප 2ක් ගෙන පැය 4ක් ඇල් වතුරේ පොඟවා ගන්න.
- වේලුනු පොල් ගෙඩියක් ගා කිරි කෝප්ප 2ක් ගන්න එකක් දැන් පාවිච්චියට සහ අනික ආප්ප හදන විට ගන්න වෙන් කරන්න.
- වතුර බේරා ගත් කැකුලු හාල් ටික බ්ලෙන්ඩර් එකට දමා පොල් කිරි ටික ටික දමමින් පොල් කිරි කෝප්ප 1 සමග කොටා ගන්න.එයට සීනි,යීස්ට්,දමා හොදට බ්ලෙන්ඩ් කරන්න.
- මෙය එක රාත්‍රියක් තබා පසුව දා අනිත් පොල් කිරි කෝප්පය , පැණි කෝප්පයක් මිශ්‍ර කරන්න.එය මිශ්‍ර කරන විට එක පාර නොදා ටිකෙන් ටික දාන්න.
- තමන්ට ඕන ප්‍රමාණට පදම ආවාම කිරි දාන එක නතර කරන්න.
- ඔම්ලට් හදාගන්න ඕන කරන එළවලු වර්ග ටික වෙන වෙනම භාජන වල තබා ගෙන ආප්පය දැමීමට සූදානම් වෙන අවස්ථාවේ දී ඔම්ලට් මිශ්‍රණය ක්ෂණිකව හදාගන්න.
- ඊට පස්සේ බිත්තර ආප්ප දානවා වාගේ ඔම්ලට් ආප්පෙත් හදාගන්න.
ඉතින් දැන් ඔම්ලට් ආප්ප හදා ගන්න පුලුවන්....
0 comments:
Post a Comment