Nim Him Sewwa Song Lyrics - නිම් හිම් සෙව්වා ගීතයේ පද පෙළ

Nim Him Sewwa Song Lyrics - නිම් හිම් සෙව්වා ගීතයේ පද පෙළ
Song Title : Nim Him Sewwa (නිම් හිම් සෙව්වා)
Singing : Pandith W.D. Amaradewa (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)
සංගීතය : නිමල් මෙන්ඩිස්
මැණික් සන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ "සීතාදේවී (1970)" චිත්‍රපටයේ ගීතයක්

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන්වී වරින් වරේ
ඔබ හා මං රන් හුයකිනි බැඳුනේ

දිවියේ ආශා ගැඹුරින් ගැඹුරේ
ළයගින් සනහා අපමයි තැවුනේ
ජන්මෙන් ජන්මේ රැව් දීලා
ඔබ මා නෙතඟේ රැඳුනා...

ඉර හඳ සේ මා පැතුමන් පැතුවා
සැනසුම් සයුරේ සුසුමන් හෙළුවා
අතරින් පතරේ වියැකීලා
සටනින් අද මා දිනුවා...

නිම් හිම් සෙව්වා මා සසරේ
හමුවී යුගයෙන් බැඳි යුගයේ
ලං වී වෙන්වී වරින් වරේ
ඔබ හා මං රන් හුයකිනි බැඳුනේ

👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment