Neela Bigu Kala Song Lyrics - නීල බිගු කැල ගීතයේ පද පෙළ

Neela Bigu Kala Song Lyrics - නීල බිගු කැල ගීතයේ පද පෙළ
Song Title : Neela Bigu Kala (නීල බිගු කැල)
ගායනය : වික්ටර් රත්නායක
පද රචනය : කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගිතය : වික්ටර් රත්නායක

නීල බිගු කැල තාමරස පෙල
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

මාරුතේ මතුරා යතේ
සුරඟුන් නැගූ මුකුළු
මාවතේ අතුරා ඇතේ
සුරඟුන් නෙලූ කැකුළු

ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිදුරී
මීවිතේ මදුරා පුරා
සඟවා නොයන්  සොඳුරී



👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment