නිතරම නිවෙස් උනුහුදු වාසනාවටකඳු වැටී වලින් මා දුටු ගම උනා වටමෙලෙසින් ඔබෙන් පිට පියවර ගෙනාවටමා උරුමයකි මගේ නාරම්පනාවට
මහනුවර ඉදලා යනවනම් 613 බස් එකකින් මැණිහින්නට ගිහින් මැණික්හින්න සිට නාරම්පනාව බස් එකක යන්න ඕනේ මේ ගමට යන්න...
දුම්බර නිම්නයට අයත් පෙදෙසක් වන මෙම ගම්මානය මැදින් ගලා බසින හුළු ගඟ නිසා මේ ගමේ සුන්දරත්වය තවත් වැඩී...
තවත් ඔප දමා කිව්වොත් හුළු ගග තමා මේ නාරම්පනාව ගම්මානයේ සුන්දරත්වය දෙගුණ තෙගුණ කරමින් නාරම්පනාව හරහා ගලාගෙන යන්නේ...
නාරම්පනාව කිව්ව ගමන් හැමෝටම මතක් වෙන්නේ නාන්න යන්න තමා...සීතල වතුර ටිකක පහස විදින්නත් ලස්සන වෙල්යායක ලස්සන විදින්නත් මෙහි යන්නම ඕනේ..
පීඩාකාරී මානසිකත්වයෙන් මිදි මනස සැහැල්ලු කරගන්න කියාපු ගම තමා මේ නාරම්පනාව..
වික්ටොරියා ජලාශයේ ප්රධාන තම පෝෂක ගංඟාවක් වශයෙන්ද හුළු ගඟ විශාල කාර්යභාරයක් ඉටු කරනවා.
අති රමණිය මෙම නාරම්පනාව ගම්මානය සරුසාර කෙත්වතු අලංකාර කඳු පන්තීන් වලින් සමන්විත වෙනවා..
ඉපැරණි බඹරගල රජමහා විහාරය පිහිටා ඇත්තේද මෙම නාරම්පනාව ගම්මානය තුළයි..
ඒ විතරක්ද විමලරත්න කුමාරගම කිවිඳුන් ඉපදී ඇත්තේ ද මේ ගම්මානයේ..
ඉතාමත් රමණීය දසුන් මවා පාමින් දිය ඇලි කිහිපයක් ද නිර්මාණය කරමින් ගලා බසින මෙම ගංඟාව නාරම්පනාව ගම් පියසට ආභරණයක් කිව්වොත් නිවැරදී...
ගියාට නම් කමක් නෑ පරිසරය විනාශ නොකර ආපහු එන්න...
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment