ආහාර වට්ටෝරු සහ ආහාර පිලියෙල කිරීමේ රස රහස් දැන ගැනීමට අප හා එක් වන්න...
අවශ්‍ය ද්‍රව්‍ය:
- පාන් පිටි 500g
- මුදවපු කිරි මේසහැදි 3-4ක්
- යිස්ට් තේහැදි 1 ක්
- බේකින් පවුඩර් තේහැදි 1 හෝ 1 1/2ක්
- රස අනුව ලුණු
- පිටි කිරි තේ කෝප්ප 1/2ක්
සාදන ක්‍රමය:
- මුලින් පිටි එකට සියල්ලම දමා හොදින් මිශ්‍ර කරන්න.ඉන් පසු එකට මද රස්නේ වතුර ටික ටික දමමින් අතේ ඇලවෙන පදමට පිටි මිශ්‍රණය හදා ගන්න.
- දැන් මේ මිශ්‍රනය පැය 2-3 තෙත රෙද්දකින් වසා පිපෙන්න තියන්න.ඉන් පසු
- පැය 2-3 කට පස්සෙ පිටි මිශ්‍රනය හොදට සොප්ට් වෙලා පිපිලා තියෙනවා.
- පසු අතේ පාන් පිටි තවරා කැමති සයිස් එකට බෝල හදා ගන්න.
- පසු පාන් පිටි ඉස ගත් ලැල්ලක පිටි ගුලියක් තියා දිග හැඩයට හොදින් තුනි කරන්න.
- පසු හොදින් රත් වු රොටි තැටියක දමා දෙපැත්තම හොදින් පුලුස්සා ගන්න.
- පසු නාන් එක ලිපෙන් ඉවතට අරගෙන බ්‍රෂ් එකකින් බටර් ගා ගන්න...
0 comments:
Post a Comment