මාකන්දාව රක්‌ෂිතය 1903 සැප්තැම්බර් 11 වැනි දින අංක 5911 දරන ගැසට් නිවේදනය මගින් හෙක්‌ටයාර 192ක් පමණ වන වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා..
කැලණිවැලි රක්‌ෂිතය හා සම්බන්ධ වනාන්තර පද්ධතියක් ලෙස ව්‍යාප්ත ව ඇති මාකන්දාව රක්‌ෂිතය ජෛව විද්‍යාත්මකව ඉතා ම වටිනා ඉතාම දුර්ලභ ජීවී විශේෂ බොහොමයකට රැකවරණය සලසන,
කැලණි ගඟේ ජල පෝෂක වනාන්තරයක් කිව්වොත් නිවැරදී...
ලෝකෙටම එකයි වර්ගයේ තුරුලතා කිහිපයකට හා වන සතුන් රාශියකට මාකන්දාව රක්ෂිතය නිවහනක්....
මුළු ලොවෙන් ම මේ ප්‍රදේශයේ පමණක් වාර්තා වන හොර ශාක කුලයට (Dipterocarpaceae) අයත් Balanocarpus kitulgallensis ශාක කිහිපයක් පමණක් ඉතිරි ව ඇත්තේ මේ වන රක්‌ෂිතයේම විතරයි...
ලංකාවට ආවේණික දුර්ලභ උඩවැඩියා වර්ග විශේෂ කිහිපයක් මෙම රක්ෂිතයෙන් හමු වෙනවා..
ලංකාවෙන් වාර්තා වන එකම ජලජ උඩවැඩියා විශේෂය ද වාර්තා වන්නේ මාකන්දාවෙන්.
මීට අමතරව පිළිල ශාක විශේෂයක් හා ලංකාවට ආවේණික දුර්ලභ කූඩළු වර්ගයක් වන ගල්දෙමට ද මෙහි දී හමුවනවා.
ඒ වගේම මේ වනාන්තරයේ ශාක විවිධත්වය මෙන්ම අද්විතීය වූ සත්ත්ව විවිධත්වයක් ද දැකගත හැකි වෙනවා...
මත්ස්‍ය, උභයජිවීන්, උරගයන්, පක්‌ෂීන්, ක්‌ෂීරපායින් හා සමනළයින් යන සත්ත්ව කාණ්‌ඩ හයට අයත් විශේෂ 411ක් පමණ මේ වනාන්තරයේ වාර්තා වෙනවා...
ඉන් විශේෂ 119ක් ලංකාවට ආවේණිකයි..එහි ආවේණිකතා ප්‍රතිශතය 29%ක් තරම් ඉහළ අගයක් ගන්නවා..
ලෝකයේ කුරුළු නිරීක්ෂකයන්ගේ අප්‍රසිද්ධ නවාතැනක් වන්නේ ද මාකන්දාවයි.
මකුළු ඇල්ල, ලෙනතිරි ඇල්ල ආදී නොකිලිටි ජල දහරා, උඩු වියන් බැදි තුරු පත් මාකන්දාවට පිවිසෙන ඔබව සාදරයෙන් පිළිගනීවී...
පරිසරය විනාශ නොකර ආපසු එන්න.මෙතනට යන්නේ මෙහෙමයි.
ගමන් මාර්ගය
කරවනැල්ලේ සිට කිතුල්ගල බලා එන විට කිතුල්ගල නගරයට 500 ක් පමණ මෙහායින් දකුණු පසින් කිතුල්ගල තානායමට පිවිසුම් මාර්ගය පිහිටා තිබෙනවා.එම මාර්ගයේ ගමන් ගත් පසු වම් පසට තොටුපල පාර හමුවෙනවා.එතැන්සිට කිතුල්ගල තනායම අසල තොටුපලෙන් ගඟ හරහා ඔරුවෙන් ගමන් කිරීමේන් රක්ෂිතයට ලඟා විය හැකියි..
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment