ජර්මනියේ ලූයිපෝල් විද්‍යාලයේ ප්‍රාථමික පන්ති භාර ගුරුවරයෙකු විසින් හැම තිස්සෙම උඩ බලාගෙන කල්පනා කරන පුංචි කොලු ගැටයකුට කේන්තියෙන් සැර කරලා තියෙන්නේ “ලෝකය ගැන දන්නේ නැති මෝඩ කම්මැලි කොල්ලා. ඇල්බට් උඹට නම් කවදාවත් මිනිහෙක් වෙන්න හම්බවෙන්නේ නැහැ කියලා.” මෙලෙස අනාවැකි කියපු ගුරුතුමාගේ අනාවැකිය බොරුවක් කරලා ඊට වසර ගණනාවකට පස්සෙ විසිවන සියවසේ පහළ වූ මහා ප්‍රඥයා බවට පත් වන්නේ කවරෙකුත් නොවෙයි ඇල්බට් අයින්ස්ටයින්. මේ ලොව පතල පුද්ගලයාගේ අවසන් වචනය තාමත් ලොවට රහසක් බව ඔබ දන්නවාද?
අයින්ස්ටයින්ගේ ජීවිතය
ඉතාම අල්පේච්ඡ ජීවිතයක් ගත කළ මුල් ළමා වියේදී අධ්‍යාපනයට දස්කම් නොපෑ අයින්ස්ටයින් ජීවත් වුණේ ජර්මනියේ මියුනික් නුවර උල්මා නගරයේ යුදෙව් පවුල් එකයි. ඇල්බට් උපත ලැබුවේ 1879 මාර්තු 14 වැනි දා. කුඩා කාලයේ ඉතාම දුර්වල ගති පැවතුම් අයින්ස්ටයින් අවුරුදු තුනක් පමණ වනතුරු කතා කරලා නෑ. ඔහුගේ දෙමව්පියන් හිතලා තියෙන්නේ ඔහු උපන්ගෙයි ගොළුවෙක් කියලා. ඔහුගේ පියාගේ ව්‍යාපාර බංකොලොත් වීම නිසා වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වෙන්න ඔවුන්ට සිදු වුණා.
ඇල්බට් ස්විස්ටර්ලන්ත ස්විස් ෆෙඩරල් තාක්ෂණික ආයතනයට ඇතුළු වීමට කිහිප වරක් උත්සාහ කලත් ඔහුගේ උත්සාහය අසාර්ථක වුණා. ඒ ඇතුලත්වීමේ විභාගය අසමත්වීම නිසා. නමුත් උත්සාහය අත් නොහළ ඔහු මහන්සි වී පාඩම් කරලා අවුරුදු 26 දී භෞතික විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලබා ගත්තා. ඉන්පසු 1909 සිට 1911 දක්වා සූරිචි සරසවියේ භොතික විද්‍යා මහාචාර්යවරයා වශයෙන් කටයුතු කළා. ජර්මනියේ කයිසර්විල් හෙල්ම් භෞතික විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළේ ඇල්බට් අයින්ස්ටයින්.
භෞතික විද්‍යාවේ පියා
විසි වන සියවසේ මහා ප්‍රාඥයා තවත් ලෙසකට හැඳින්වූයේ භෞතික විද්‍යාවේ පියා ලෙසයි. ඒ ඔහු භෞතික විද්‍යාව නව මඟකට යොමු කරමින් ආලෝකය ශක්තිය චලිතය අභ්‍යවකාශය කාලය පිළිබඳ අවබෝධයක් ලෝකයට ලබාදුන් නිසා. ඔහු ප්‍රකාශ කළේ පදාර්ථය කියන්නේ ශක්තිය රැස් කොට ඇති තටාකයක් කියලා. ශක්තිය ස්කන්ධය අතර ඇති සම්බන්ධතාවය දක්වන සුප්‍රකට සමීකරණය ඔහු ලෝකයට ඉදිරිපත් කළා. ජලකර හා පරමාණු බෝම්බ න්‍යෂ්ටික බලය මනුෂ්‍ය වර්ගයාගේ යහපතට යොදා ගැනීමට මුලින්ම පරීක්ෂණ ආරම්භ කරන්න පුළුවන් වුණෙත් ඔහුගේ ශක්තිය ස්කන්ධය අතර සම්බන්ධතාවය අනාවරණය කිරීමෙන් පසුවයි.
මුළු භෞතික විද්‍යාවේ කරුණු අන්තර්ගත පැහැදිලි කරන්න අයින්ස්ටයින් සමත් වුණා. 1916 දී ඔහු විසින් ඉදිරිපත් කළ කුඩා පර්යේෂණ පත්‍රිකාවට මුළු ලෝකයම උඩුයටිකුරු කරන්න හැකියාවක් ලැබුණා. ඒ පිටු 12කින් සමන්විත මේ පත්‍රිකාව විසිවන සියවසේ විශිෂ්ටතම විද්‍යාත්මක නිබන්ධනය බවට පත්වුණා. ඉන් හෙළි වූ සාපේක්ෂතාවාදය පිළිබඳ මතය එතෙක් පැවති මත වලට වඩා සහමුලින්ම වෙනස් වුණා. 1922 දී භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය හිමි කරගත් මේ යුදෙව් ජාතිකයාට හිට්ලර්ගේ හමුදාවෙන් කරදර එල්ල වුණා. ඒ නිසා ඔහුගේ දේපළ පවා ගිනිබත් වුණා. මේ හිරිහැර නිසාම උපන් රට අතහැර දමා ඇමෙරිකාවට පැමිණි අයින්ස්ටයින් 1940දී එහි පුරවැසිභාවය ලබා ගත්තා.
අයින්ස්ටයින්ගේ අවසන් වචනය
මේ ශ්‍රේෂ්ඨ භෞතික විද්‍යාඥයා 1955 අප්‍රේල් 18 වනදා නිව්ජර්සි හි ප්‍රින්ස්ටන් රෝහලේදී අභාවප්‍රාප්ත වුණා. 1948දී ඔහුගේ සිදුකරන ලද ශල්‍ය කර්මයක් නිසා නිර්වින්දනයේ ඇතිවූ අහිතකර බලපෑමක් නිසා අයින්ස්ටයින් වැඩිදුර ශල්‍යකර්ම කිරීම ප්‍රතික්ෂේප කලා. ඒ අනුව ඔහු පැවසුවේ “මට අවශ්‍ය විට මට යාමට අවශ්‍යයි. කෘත්‍රිම ආයු කාලය දීර්ඝ කිරීම රසවත් නොවේ. මම මගේ කොටස කර ඇත්තෙමි. එය යාමට කාලයයි” යනුවෙන්.
කොහොම වෙතත් ඔහුගේ අන්තිම වචනය සදාකාලිකවම කිසිවෙකු නොදන්නා බව ඔබ දන්නවාද? ඒ ඔහු මරණාසන්න මොහොතේ ජර්මානු භාෂාවෙන් වචන කිහිපයක් උච්චාරණය කර ඇති බැවින්. ඔහු ඇඳේ වැතිර සිටින විට එම භාෂාවෙන් අවසාන වචන කිහිපයක් පවසා ඇති නමුත් එහි එකම සාක්ෂිකරුවා වූයේ ඔහුගේ හෙදිය වන අතර අවාසනාවට ඇය ජර්මානු භාෂාව නොදත් කාන්තාවක් වූවා. මියයන විට 76 වන වියේ පසුවූ අයින්ස්ටයින් ජීවිතේ අවසානය දක්වාම පර්යේෂන වල නියැලුණු අසාහය පුද්ගලයා සැබෑවටම අවසානයේ කුමක් කියන්නේ ඇතිද?
එය සදහටම ලොවෙන් වැළලී ගිය කාරණයක් වුණා.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment