ඔම්ලට් හදන්න හරි ලෙසිනේ, කවුරුත් ඔම්ලට් හදන්න දන්න නිසා වෙනත් ක්‍රමයකට ඔම්ලට් එකක් හදලා බලමුද ?
✅ අවශ්‍ය ද්‍රව්‍ය:
- බිත්තර 3
- කුකුළු මස් (තම්බා කොටු කපාගත්) ග්‍රෑම් 50 ක්
- සොසේජස් කරල් 2ක්
- රට ලූනු ගෙඩි 1ක්
- මාළුමිරිස් කරල් 1ක්
- තක්කාලි ගෙඩි 1ක්
- අවශ්‍ය පදමට ලුණු ගම්මිරිස්
✅ සාදා ගන්නා ආකාරය:
- කඩාගත් බිත්තර වලට ලුණු ගම්මිරිස් දමා හොදින් ගසාගන්න.ඉන්පසු රටලුනු , මාළුමිරිස් , තක්කාලි කොටු ආකාරයට කපා පසෙකින් තබාගන්න.
- එසේම කුකුළු මස් හා සොසේජස්ද කොටු කපා තබාගන්න.
- ඉන්පසු ඔම්ලට හදන පෑන් එකක් ගෙන ළිප තබා රත්වූ පසු තෙල් ස්වල්පයක් දමාගන්න.
- තෙල් රත්වූ පසු ගසාගත් බිත්තර දමා රවුම් හැඩයට පෑන් එකේ විසුරුවා හරින්න.ඉන්පසු රටලුනු, මාළුමිරිස් ,තක්කාලි , කුකුළු මස් හා සොසේජස් බිත්තරය පුරා විසිරුවා හරින්න.
- ඉන්පසු මඳ වේලාවක් ළිප තබා හොදින් තැම්බූ පසු ළිපෙන් ඉවත්කර අලංකාර ලෙස පිළිගන්වන්න.
0 comments:
Post a Comment