Song Title : Hanthane Kadu Muduna Sisara (හන්තානේ කඳු මුදුන සිසාරා)
Singing : Pandith W.D. Amaradewa (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)
හන්තානේ කඳු මුදුන සිසාරා
පවනක් වී එන්නම්
ඔබේ සුවඳ රැඳි කුටිය සමීපේ
කුසුමක් වී එන්නම්...//
තුන් මහලින් සැදි සරසවි පායේ
මල් කැටයම් සෙවනේ
සිරිපොද වැස්සේ නැගුනු සතුටු රළ
මිරිගු සයුර විනි අතීතයේ...//
පාළු නිසංසල කඳුවැටි අතරේ
මහවැලි ගං ඉවුරේ
අත්තටු සිඳගත් විහඟ විලාසෙන්
අපේ පැතුම් ඉකි බිඳනු ඇතේ...//
සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
0 comments:
Post a Comment