Song Title : Daiwayogayakin Nowedo (දෛවයෝගයකින් නොවේදෝ)
පද රචනය : සුනිල් ආරියරත්න
සංගීතය : වික්ටර් රත්නායක
ගායනය : වික්ටර් රත්නායක
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුනේ //
ඇදුරුතුමියයි ප් රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුනේ
නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිළිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුනේ
0 comments:
Post a Comment