- තෙත හාල් පිටි කෝප්ප 1 (කඩේ තියන ඉදිආප්ප පිටි වුනත් අරගන්න පුලුවන්)
- වතුර කෝප්ප 1/2 ක්
- ලුනු කුඩු ස්වල්පයක්
- මිශ්‍ර කරගන්න මිරිස් කුඩු හා ලුනු කුඩු ටිකක්
- බැදගන්න තෙල්
✅ සාදා ගන්නා ආකාරය:
- මුලින්ම වතුර ටික ලිපේ තියලා ලුනු ස්වල්පයක් දාන්න.
- පසුව වතුර ටික රත් වුනාම හාල් පිටි ටික දාලා හොදින් කලවම් කරන්න.වතුර එක්ක හාල් පිටි ටික හොදට මිශ්‍ර වුනාට පසු ලිප වහලා විනාඩියක් නිවෙන්න තියන්න.
- පසුව රස්නේ තියනකොටම පිටි ඩෝ එක අනාගන්න.සියල්ල හොදින් අනාගෙන බෝලයක් වගේ හදලා තෙත කිචන් ටවල් එකකින් වහලා විනාඩි 5 ක් තියන්න.
- ඉන් පසු රෝලින් පින් එකකින් මේ පිටි ඩෝ එක තුනී කරගෙන කැමති හැඩේකට කපාගන්න.ඉන් පසු ගෑරුප්පුවකින් චිප්ස් වල සිදුරු හදාගන්න.නැත්තන් තෙලට දැම්මාම ගොඩක් පිපිලා එනවා.
- පසුව තෙල් ටිකක් ලිපේ තියලා හාල් පිටි චිප්ස් ටික තරමක් රන්වන් පාට වෙනතුරු බැදගන්න.ගොඩක් රන්වන් පාට වෙනකන් බැදගන්න අවශ්‍ය නැහැ.
- පසුව මිරිස් කුඩු හා ලුනු කුඩු එකට මිශ්‍ර කරගෙන මේ චිප්ස් ටිකට දාලා සියල්ලම හොදින් මිශ්‍ර කරගන්න.
රස බලන්න.ස්තුති 😊 Thilini Shashikala
0 comments:
Post a Comment