බොහෝ දුක් විදලා මැරෙන්න කැමතිද? මත්පැන් නොබී සිරෝසිස් හැදිලා මැරෙන්න උනොත්.. ඒක ඇත්තටම අපරාදයක්.. විනාඩි දෙකක වටිනා ලිපියක් අනිවාර්යයෙන්ම කියවන්න.. බෙදාහරින්න ❤️
අක්මාව මිනිස් සිරුරේ ඇති විශාලතම ඉන්ද්‍රියක් වන අතර විශාලතම ග‍්‍රන්ථියද වේ. බරින් කිලෝ ග‍්‍රෑම් 1.5 ක් පමණ වන අක්මාව පිහිටා ඇත්තේ උදර කුහරයේ දකුණු පැත්තට වනසේ මහා ප‍්‍රාචීරයට යටිනි. නිරෝගී අයකුගේ අක්මාව දැකිය හැක්කේ මෘදු රෝස හෝ දුඹුරු පැහැයට හුරු ති‍්‍රකෝණාකාර අවයවයක් වශයෙනි.
අක්මාව සලකනුයේ ශරීරයේ ඇති රසායනාගාරය ලෙසටයි.
අක්මාවේ සිදුවන ප‍්‍රධාන කාර්ය
අක්මාව තුළ ග්ලයිකොජන් නමැති රසායන ද්‍රව්‍ය ගබඩා කිරීම සිදුවන අතර එම රසායන ද්‍රව්‍යය වරින් වර ග්ලූකෝස් බවට පත් කරමින් රුධිරයට මුදා හැරේ.
- රුධිර කැටි ගැසීම වළක්වන ප්‍රෝටීන නිෂ්පාදනය සිදු වනුයේ අක්මාවෙනි.
- ශරීරයට ඇතුලූ වන සමහර ඖෂධ වර්ගවල සැර ගතිය අඩු කිරීමද අක්මාවෙන් සිදුවේ.
- ආහාර ජීර්ණයට අවශ්‍ය වන පිත නිපදවනුයේ ද අක්මාවෙනි.
- ශරීරයට අවශ්‍ය වන ඇතැම් හෝමෝන වර්ග නිෂ්පාදනය කෙරේ.
- මත්පැන් වල ඇති ශරීරයට අහිතකර බලපෑම් අඩු කිරීමටද අක්මාව උපකාරී වේ.
මෙසේ ශරීරයට අවශ්‍ය ඉතාම වැදගත් සේවා රැසක් සිදුකරන අක්මාව ආශි‍්‍රතව බොහෝ රෝග තත්ත්ව දැක ගත හැකියි.
ඉන් එක් රෝග තත්ත්වයක් වනුයේ ප‍්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග තත්ත්වයයි. සාමාන්‍යයෙන් අක්මාවේ මුළු බරෙන් සියයට 5 ත් 10 ත් අතර ප‍්‍රමාණයක් මේද තැන්පත් වී තිබිම සාමාන්‍ය තත්ත්වයයි. මෙම ප‍්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීම නිසා රෝගී තත්ත්වයක් ඇති විය හැක. මෙම තත්ත්වය අක්මාවේ මේද තැනපත් වීම ලෙස හැඳින්වේ. මිනිසුන් තුන් දෙනෙක්ගෙන් එක් අයකුට මෙම රෝග තත්ත්වය ඇතැයි විශ්වාස කෙරේ. මෑත කාලයේදී මෙම රෝගය සුලභ වශයෙන් දැකිය හැක.
ප‍්‍රමාණය ඉක්මවා අක්මාවේ මේද තැන්පත් වීමට ප‍්‍රධානතම හේතුව වනුයේ මත්පැන් භාවිතයයි. එහෙත් මත්පැන් භාවිතා නොකරන අය අතරත් අක්මාවේ මේද තැන්පත් වීම සුලභ රෝග තත්ත්වයක් බවට පත්වෙමින් පවතී. මෙම රෝග තත්ත්වය නන් ඇල්කොහොලික් ෆැටි ලිවර් ඩිසීස් ලෙස හැඳින්වේ.
නන් ඇල්කොහොලික් ෆැට් ඩිසීස් හෙවත් මත්පැන් පානය නොකරන අයගේ අක්මාවේ ප‍්‍රමාණය ඉක්මවා මේදය තැන්පත් වීමට හේතු?
- ශරීරයේ අධික ස්ථුලතාව
- දියවැඩියාව රෝගයෙන් පෙළීම (ප‍්‍රධාන වශයෙන් දෙවැනි කාණ්ඩයේ දියවැඩියාව)
- ඇතැම් රෝග සඳහා භාවිත කරන ඖෂධ වර්ග
- මන්දපෝෂණයෙන් පෙළීම
- කෙටි කාලයක් තුළ ශරීරයේ කෙට්ටුවීම. විශේෂයෙන් අධික ස්ථුලතාව ඇති අයගේ බර අඩුකිරීමට කරන ඇතැම් සැත්කම් වලින් පසුව.
- රුධිරයේ ඇති කොලෙස්ටෙරෝල් ප‍්‍රමාණය වැඩිවීම.
- වයස්ගතවීමත් සමඟම මේද තැන්පත් වීම වැඩිවේ. සාපේක්‍ෂව පිරිමින් අතර මෙම රෝගය සුලභව දැකිය හැක.
- මෑතකදී අධි රුධිර පීඩනය තත්ත්වයත් මෙම රෝගය සෑදීමට හේතුවන බව සොයාගෙන ඇත.
අක්මාවේ මේද තැන්පත් වීමෙන් ඇතිවන රෝග ලක්ෂණ
බොහෝ රෝගීන් තුළ කිසිම රෝග ලක්‍ෂණයක් දැකිය නොහැක. කලාතුරකින් දැකිය හැකි රෝග ලක්‍ෂණ වනුයේ.
- අධික තෙහෙට්ටු ගතිය අප‍්‍රාණික බව
- උදරයේ දකුණු පැත්තේ අක්මාව ආශි‍්‍රත ප‍්‍රදේශයේ වේදනාවක් ඇතිවීම.
- ආහාර රුචිය අඩුවීම
- නිතර ඔක්කාර ගතිය ඇතිවීම.
- බඩ පුරවා දැමීම.
මත්පැන් භාවිත නොකරන අයගේ අක්මාවේ මේද තැන්පත් වීම නිසා ප‍්‍රධාන වශයෙන් රෝග අවස්ථා තුනක් දැකිය හැක.
- බොහොමයක්ම රෝගීන් තුළ දැකිය හැක්කේ අක්මාවේ මේද ප‍්‍රතිශතය සියයට 10 කට වඩා තැන්පත් වීම පමණකි. මෙම රෝගීන් තුළ මේද තැන්පත් වීම නිසා අක්මාවේ ආසාදන තත්ත්වයක් ඇති නොවේ. මෙම අවස්ථාව හඳුන්වනුයේ හෙපටික් ස්ටියටෝසිස් නමිනි.
- ඇතැම් රෝගින්ගේ අක්මාවේ මේද තැන්පත් වීම නිසා අක්මාවේ සෛලවල ආසාදන තත්ත්වයක් ඇතිවේ. මෙම අවස්ථාව හඳුන්වනුයේ නන් ඇල්කොහලික් ස්ටියටොහෙපටයිටිස් නමිනි.
- දිගින් දිගටම ස්ටියටොහෙපටයිටිස් නමැති තත්ත්වය පැවතුන හොත් අක්මාවේ ප‍්‍රධානතම කාර්ය සිදුකරන අක්මා සෛල විනාශ වී සිරෝසිස්, නමැති රෝග තත්ත්වය ඇතිවිය හැක. මත්පැන් පානය නොකරන අය අතර සිරෝසිස් රෝගය සෑදීමට ප‍්‍රධාන හේතුවක් ලෙස අක්මාවේ මේද තැන්පත් වීම සැලකේ.
රෝග ලක්ෂණ
⚠️️පහසුවෙන් ලේ ගැලීම..(කැටිති වශයෙන් ලේ වමනය ලේ බඩ යෑම)
⚠️️පහසුවෙන් තැලීම
⚠️️ඇස් හා ඇග කහ වීම
⚠️️උදරය පිම්බීම, නහර මතුවීම
⚠️️සම කැසීම
⚠️️ඔක්කාරය හා නිදිබර ගතිය..
අක්මාවේ මේද තැන්පත් වීමෙන් වැඩිපුරම සිරෝසිස් රෝගය දක්වා වර්ධනය වීමක් සිදුවන්නේ කුමන රෝගීන් තුළද?
- දියවැඩියා රෝගීන්
- අධි ස්ථුලතාව ඇති අය
- රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි අය
- අවුරුදු 45 ට වැඩි රෝගින්
මත්පැන් භාවිතය නොමැතිව අක්මාවේ මේද තැන්පත් වූ රෝගීන්ගෙන් කොතරම් පිරිසක් සිරෝසිස් රෝග තත්ත්වය දක්වා වර්ධනය වේද?
මෙම අගය එක් එක් රටවලට වෙනස්ව පැවතුනද පොදුවේ ගත් කළ සියයට 10 ත් 20 ත් අතර ප‍්‍රමාණයක රෝගීන්ට අවසානයේ සිරෝසිස් නමැති රෝගය වැළඳෙන බව විශ්වාස කෙරේ.
අක්මාවේ මේද තැන්පත් වී ඇතැයි කියා දැනගත හැකි පරීක්‍ෂණ වර්ග මොනවාද?
- සුලභවම කරන පරීක්‍ෂණ වනුයේ SGPT සහ SGOT නමැති රුධිර පර්යේෂණ දෙකයි. අක්මාව ආශි‍්‍රතව වෙනත් රෝග තත්ත්වය නැතිව SGPT සහ SGOT මට්ටම ඉහළ අගයක් තිබේ නම් එයට ප‍්‍රධාන හේතුව අක්මාවේ මේද තැන්පත් වීම ලෙස සැලකේ.
- අල්ට‍්‍රා සවුන්ඩ් ස්කෑන් නමැති පරීක්‍ෂණය මගින් අක්මාවේ මේද තැන්පත් වීම අධික බව නිවැරදිව තහවුරු කරගත හැක. මෙමගින් කෙතෙක් දුරට මේද තැන්පත් වීමක් සිදුවී ඇත්දැයි සොයාගත හැක.
- සී.ටී. ස්කෑන් සහ එම්.ආර්.අයි. යන පරීක්‍ෂණය මගින්ද වඩා පැහැදිලි විස්තරයක් අක්මාවේ මේද තැන්පතුව පිළිබඳව ලබාගත හැක.
- ලිවර් බයොප්සි නමැති පරීක්‍ෂණය මගින් කෙතරම් දුරකට අක්මාවේ සෛල කි‍්‍රයාකාරිත්වය වෙනස් වී ඇත් දැයි විස්තර ලබා ගත හැකිය. මෙහිදී සිදු කරනුයේ හිරි වට්ටා අක්මාවෙන් ඉතා සුළු කොටසක් ලබාගෙන අන්වීක්‍ෂයෙන් පරීක්‍ෂා කර බැලීමයි. මේද තැන්පතුව නිසා රෝගියාගේ අක්මාව කුමන මට්ටමක තිබේ දැයි දැන ගැනීමට නම් මෙම පරීක්‍ෂණය සිදු කළ යුතුවේ.
කුමන හේතුවක් නිසා හෝ අක්මාවේ මේද තැන්පත් වීම වැඩිවී ඇති රෝගීන් පිළිපැදිය යුතු කරුණු
- මත්පැන් පානය කරන අයෙක් නම් මත්පැන් භාවිතය නතර කළ යුතුය.
- රෝගියා අධික ස්ථුලතාවෙන් පෙළේ නම් ක‍්‍රමානුකූලව බර අඩු කරගත යුතුය.
- දියවැඩියා රෝගියකු නම් රුධිර සීනි ප‍්‍රමාණය පාලනය කළ යුතුය.
- අධි රුධිර පීඩනය ඇති නම් රුධිර පීඩනය නිසි ලෙස පාලනය කරගත යුතුවේ.
- රෝගියා මේද තැන්පත් වීම වැඩි කරන ඖෂධ භාවිත කරන්නේ නම් එම ඖෂධ භාවිතය නතර කළ යුතුය.
- එළවළු පලතුරු කෙඳි සහිත ආහාර සහ ධාන්‍ය වර්ග වැඩි ලෙස භාවිත කළ යුතුවේ.
- මස් භාවිතය අවම කළ යුතුවේ.
- පොල් තෙල් වැනි සංතෘප්ත තෙල් භාවිතය අඩු කළ යුතුය.
- සම්පූර්ණ මේද සහිත කිරි භාවිතය අඩු කළ යුතුවේ.
- බිත්තර කහ මදය අඩුවෙන් භාවිත කළ යුතුය.
- හැකි තරම් දුරට සීනි භාවිතය අඩු කළ යුතුය.
- සුදු පාන් සහ සුදු සහල් භාවිතය අවම කළ යුතුය.
- වැඩිපුර කෝපි භාවිතය අක්මාවට ආරක්ෂාවක් වේ.
- අඩුම තරමින් සතියකට දින තුනක් වත් දිනකට පැය භාගයක් නිසි අලෙස ව්‍යායාම කළ යුතුවේ. අක්මාවේ ඇති අනවශ්‍ය මේද ප‍්‍රමාණය අඩුකර ගැනීමට ව්‍යායාම අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකේ. සුළු කාලයක් ව්‍යායාම කිරිම ප‍්‍රමාණවත් නොවන අතර දීර්ඝ කාලීනව ව්‍යායාම අක්මාවට හිතකර බව පැහැදිලිවම පෙන්වා දී ඇත.
අක්මාවේ මේද තැන්පත්වීම අඩුකිරීමට ඖෂධ තිබේද ?
මේ සඳහා නොයෙකුත් අන්දමේ ඖෂධ වර්ග යොදාගෙන පර්යේෂණ කර ඇතත් නිශ්චිත ප‍්‍රතිකාරයක් ලෙස කිසිදු ඖෂධයක් තවම සොයාගෙන නැත. එසේ වුවත් ඇතැම් ඖෂධ වලින් යම් තරමක මේද තැන්පත් වීම අඩුවන බව සොයාගෙන ඇත.
එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.
වෛද්‍ය විද්‍යාව පිළිබඳව ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය - තිලක් ජයලත්
රෝගයක් හැදෙන්න කලින් වලක්වාගන්න පුලුවන් නම්.. අනිවාර්යයෙන්ම වටිනවා.. එම නිසා share කරලා අනිත් අයත් බේරාගන්න අමතක කරන්නෙපා..❤️
ස්තුති 🙏
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment