Asha Nirasha Mawu Song Lyrics - ආශා නිරාශා මැවූ ගීතයේ පද පෙළ

Asha Nirasha Mawu Song Lyrics - ආශා නිරාශා මැවූ ගීතයේ පද පෙළ
Song Title : Asha Nirasha Mawu (ආශා නිරාශා මැවූ)
ගායනය : වික්ටර් රත්නායක
ගී පද : ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය : වික්ටර් රත්නායක

ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි //

දවාලන්න පෙම් මාරුතේ
ඇයයි ළංව ඉන්නේ සිතේ
නිවාලන්න දුක් ජීවිතේ
ඇයයි නිල්ල මල් මාවතේ
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා

ආශා නිරාශා මැවූ
ඈ ස්වප්න මායාවකී
ස්නේහේ ගඟුල් ප්‍රේමේ තැවුල්
මැවූ ඉන්ද්‍රජාලේ ඇයයි

නෙතේ හැංගි හැංගී හිඳී
සිතේ ස්වර්ණ යහනේ නිදී
මුවේ මන්දහාසේ දිදී
මගේ නින්ද ආයේ බිදී
දිවා රැයේ මා ළඟයි
මගේ අරුම පෙම් අංගනා



සිංහලෙන් සැකසුම (Sinhala Typing) - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment