Perada Mathaka Potha Song Lyrics - පෙරදා මතක පොත ගීතයේ පද පෙළ

Perada Mathaka Potha Song Lyrics - පෙරදා මතක පොත ගීතයේ පද පෙළ
Song Title : Perada Mathaka Potha (පෙරදා මතක පොත)
Lyrics : Jeewa K Thotuwage (ජීවා කේ තෝටුවගේ)

පෙරදා මතක පොත මම හිමිහිට  බලන විට
මතකයි නුබත් හමු වූ හැටි රැයක මට
හීන හතක් නොදුටු ව ඒ කෝල හදට
දොඩමළු  වුනා නුබේ හදවත ඉරා මට

හදවත  බිදී කඩතොලූ වී ඉරී තිබිනී
දෙනෙතින් වැටුනු කදුලැලි හැම නිමාවුනී
වලලපු සොහොන් කොත උඩ උබ මගේ තනි
මතකද තෙමුනා අපි හුරතල් වුනා දැනී

අහසක් තරම් නුබ සෙනෙහස බෙදා නිති
සිනාහව ගෙනාවා කදුලට තිත තබා ගතී
හෝඩියේ අකුරු මදී ලියනට ආලේ ගතී
මිලකල  නොහැකි  දේනම් නුබේ ප්‍රේමේ නිතී

හිමිහිට  එබිලා හිත පතුලට ආලේ ගතී
ලස්සන කරපු ලියකම් ටික මාර ගතී
හිමිවීමක් නැති බැව දැන දැනම එතී
මගේ හිත උබ තරම් හදුනාගත් කෙනෙකූ නැති

සෙනෙහස නුබේ හැමදාමත්  මට ලැබීයන්
අන්සතු උනත් උබ මගේ ලග රැදීයන් 
මරණය ලගදී උබේ උණුසුම දැනීයන් 
මතු අත් බවේවත් මා හනිකට ලෑබීයන්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment