අවශ්‍ය ද්‍රව්‍ය:
- ලපටි පතෝල කරලක්
- තම්බාගත් අලගෙඩි 2
- චොප්කරගත් ළූණු ගෙඩි 1
- චොප්කරගත් කරපිංචා ස්වල්පයක්
- ලුණු හා ගම්මිරිස්කුඩු
- තෙල් ස්වල්පයක්
- රම්පෙ කෑල්ලක්
- කුරුඳු පොතු කෑල්ලක්
- චොප්කරගත් සුදුළූණු ස්වල්පයක්
- පාන් කුඩු ග්‍රෑම් 100
- බැදීමට තෙල්
- බැටර් එක සඳහා
- පාන්පිටි ග්‍රෑම් 100
- ලුණු
- වතුර
සාදන ආකාරය:
- තෙල් ටිකක් ලිපේ තියලා රත්වෙනකොට සුදුළූණු, ළූණු, රම්පේ, කුරුඳු පොතු, කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.
- ඊලඟට අල ටික පොඩි කරලා ඒකට දාලා ලුණු හා ගම්මිරිස්කුඩු එකතු කරගන්න.
- කුරුඳු සහ රම්පේ මිශ්‍රණයෙන් ඉවත් කරගන්න.
- පතෝල කරල සූරා මැද සුද්ද කරගන්න.
- අඟල් දෙකක් පමණ මහතට පතෝල කරල කපාගන්න.
- දැන් සාදාගත් මිශ්‍රණය කපාගත් පතෝල කෑලි වලට පුරවගන්න.
- පාන්පිටි වලට ලුණු සහ වතුර එක් කරල බ්ලෙන්ඩ් කරල ඝණ බැටර් එකක් හදාගෙන පතෝල කෑලි බැටර් එකේ දවටගන්න.
- පාන් කුඩු වල තවරලා ගැඹුරු තෙලේ බැදගන්න.
ලේඩි බර්ඩ්
0 comments:
Post a Comment