හරි ලාලිත්‍යය ට පහලට තනි කෙලින් ගලා හැලෙන නිසාද දන්නේ නෑ මේ නම ලැබුනේ..
මේ ඇල්ල තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ..බුලත්කොහුපිටියේ.
බුලත්කොහුපිටිය කියන්නේ කෑගලු දිස්ත්‍රික්කයේ පාරිසරික මෙන්ම වැදගත් ජල පෝෂිත ප්‍රදේශ වලින් එකක්.
මෙහි ඉතාම වියළි කාලවල පවා සක්‍රිය දියඇලි කිහිපයක්ම පවතිනවා.. එක ළග ළග ඇළි 3ක් විතර තියෙනවා...
මේ අපූරූ නළගන ඇල්ලේ වැසි කාල වලදී විටින් විට ජල පහර වැඩි වෙනවලූ.
සුන්දර වන පියසක නොයිදුල් ජලපහරකින් කඩා හැලෙන නලගන ඇල්ල බුලත්කොහුපිටිය ප්‍රාද්ශීය සභා බල ප්‍රදේශයේ තේජාන්විත බව මනාවට කියාපානවා...
විටෙක දෝංකාරයත් විටෙක පෙන බුබුඵත් නගා ගෙන ගල්පර අතරින් එන රිට්ගහ ඔය කොමලියගෙන් තමා නළගන ඇල්ල පෝෂණය වන්නේ..
ඇල්ලේ මුහුනත පුරාවටම එක සමානව ජල දහරාවක් කඩාහැලෙන්නේ සොබා දහමේ අති සුන්දර නිර්මාණයක් ලෙසයි....
මෙසේ කඩාහැලෙන ජල බිදුවලින් පරිසරයට නැවුම් සිසිලක් ගෙන එමින් ඇල්ල පාමුල ස්භාවික ජල තටාකයක් නිර්මාණය කරනවා...
සංචාරක ඔබට මෙය කදිම පාරාදීසයක්...
නළගන ඇල්ල මීටර් 40ක පමණ උසකින් සමන්විතයි.. මේ සුන්දර නළගන කොමළිව බලලා පරිසරය විනාශ නොකර ආපහු එන්න.
පින්තූර Naveen Buddhika Nanayakkara 📸🙏
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment