මාළු ඇඹුල් තියල් කියු සැණින් අපේ මතකයට එන්නේ දකුණු පළාත. ඔන්න අද අපි මාතර ආරෙට මාළු ඇඹුල් තියල් පිළියෙල කරගන්න අන්දම නිවැරැදිව කියා දෙනවා.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කෙලවල්ලා මාලු 250g
- ගොරක කෑලි 5ක්
- ලුනු කුඩු (කපල) මේස හැදි 1ක්
- ලුනු කැට තේ හැදි 1ක්
- ගම්මිරිස් මේස හැදි 2ක්
- කුරුන්දු පොතු කැබලි 2ක්
- කරපින්චා ඉති 3ක් හෝ කෙසෙල් කොල කැබැල්ලක්
සාදාගන්න ආකාරය:
- මුලින්ම ගොරක ටිකට වතුර ස්වල්පයක් එකතු කර ලුනු කැට ටික දමා තම්බා ගන්න.
- ගොරකා හොදින් තැම්බුනු පසු වතුර පෙරා ගන්න.
- එයට කුරුන්දු පොතු කැබැල්ල එකතු කර ගම්මිරිස් හා ලුනු කුඩු එකතු කර හොදින් බ්ලෙන්ඩ් කර ගන්න.
- මේ මිශ්‍රණයේ ලුනු රස හොදින් දැනිය යුතුය.ඇම්බුල් රසට වඩා.
- එවිට තමා ලුනු මාලු කෑල්ලට හොදින් උරාගෙන ඇම්බුල්තියල් වල නියම රසය එන්නෙ.
- මැටි හට්ටියක යටට කරපින්චා අතුරා ගන්න.නැත්නම් කෙසෙල් කොලය එලා ගන්න.
- දැන් සාදා ගත් මිශ්‍රණය මාලු වල දවටා ගන්න.වැඩිපුර ටික හට්ටිය යටට අතුරා ගන්න.
- දැන් මාලු ටික හට්ටියෙ පිලිවෙලට අතුරා ගන්න.
- ගොරක ටික තම්බාගත් වතුර ටික ඉතුරුනම් හෝ අලුත් වතුර ටිකක් තැම්බෙන්න අවශ්‍ය තරමට එකතු කර ගන්න.
- දැන් මද ගින්නේ පිස ගන්න.හට්ටිය පියනකින් වහල හදන්න.
- උතුරගෙන එනකොට හට්ටිය දෙපසින් අල්ලා සොලවා ගන්න.
- කීප සැරයක් මෙහෙම කර ගන්න.මාලු පොඩි වෙනවා නිසා හැදිගාන්න එපා.
- රෑට හදල උදේට කන්න ගන්න පුලුවන්.එතකොට රස වැඩි වෙනවා.
- කල් තියා ගන්න ඕනි නම් බොර ටික හොදටම වේලෙනකල්ම ලිපේ තියා ගන්න.
- එවිට මාසයක් උනත් ෆිජ් දාන්නෙ නැතිව තියා ගන්න පුලුවන්.
- ඇම්බුල් බොර වලට කැමති නම් හොදටම වේලෙනකල් ලිපේ තියන්න එපා.හොදට උතුරනකොට ලිපෙන් බා ගන්න.
- එවිට දවස් 3ක්4ක් තියා ගන්න පුලුවන්.
- බල මාලු තමය ඇම්බුල්තියල් රසම.දෙවනියට කෙලවල්ලා මාලු. ඔයාලත් හදල බලන්න.
0 comments:
Post a Comment