🥥 රසවත් කැවුම් ගෙඩිය ඉක්මනින් හදා ගන්න පුලුවන් තේ බොන වෙලාවට රස බලලා මටත් කියන්න ඕනේ මතක ඇතුව ඉඟුරු දාපු තේ එකක් හදාගන්න යාලුවනේ 🙃🙃🙃🙃
අවශ්‍ය ද්‍රවය:
- ලොකු පොල් බෑවක ගාගත්ත පොල්
- පාන් පිටි වීදුරු 1
- එනසාල් කුඩු ටිකක්
- රස අනුව සීනි දමා ගන්න
- ලුණු කුඩු ටිකක්
- බැද ගැනීමට තෙල්
සාදා ගන්නා ආකාරය:
- පොල් හීනියට ගා ගන්න.
- ඊට පස්සේ හොඳින් අනාගන්න කිරි එළියට එන විදිහට.
- ඊට පස්සේ සීනි ටිකක් දමා හොඳට අනා ගන්න.
- ලුණු කුඩු ටිකක් දමා අනාගන්න.
- ඉන්පසු පාන් පිටි දමා අනාගන්න.
- එනසාල් කුඩු ටිකක් දමා හොඳින් අනාගන්න.
- මේ අනාගත් ගුලිය විනාඩි 10 ක් පමණ වසා තබන්න.
- විනාඩි 10 ගිය පසු පොඩි බෝල හදා කොණ්ඩ කැවුම් ගෙඩියක් වගේ හදාගන්න. ඒ විදිහට සේරම කැවුම් ටික හදාගන්න
- තෙල් එකක් ලිපේ තියලා රත්වෙනකොට කැවුම් ටික දමා සාමාන්‍යයෙන් ගින්දරේ බැදගන්න
Ayoma Lakmali✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
0 comments:
Post a Comment