👉අශ්වයකුගේ පිපාසාව සංසිඳවීමට සමත් ජලයෙන්ම ඔබේ පවස ද නිවාගන්න..මන්දයත්, අශ්වයන් කෙතරම් පිපාසිත වුවද කිසිවිටෙකත් අපිරිසිදු ජලය පානය නොකරන බැවිනි.
👉නිතරම බළලුන් නිදාසිටින ස්ථානය කොතැනකද,එතැනම ඔබේ නිදියහන සකසාගන්න.මන්දයත්, බළලුන් සැමවිටම තෝරාගනු ලබන්නේ සුව නින්දකට සුදුසුම ස්ථානය නිසාවෙනි.
👉පණුවන් විසින් ඉඳුල් වූ පළතුරු වර්ග මොනවාදැයි විපරමින්,ඒවා අනුභවයට ගන්න.මන්දයත්, කිසිවිටෙකත් පණුවන් විෂ සහිත පළතුරු මත යැපෙන්නේ නැති නිසාවෙනි.
👉කෘමීන්ගේ ඇල්මට යටත්වූ හත්තක් නිර්භයව ආහාරයට තෝරාගන්න.මන්දයත්, අහිතකර පසක් තුළ කෘමීන් ජීවත් නොවන නිසාවෙනි.
👉වැලි මීයෙකු හාරන ලද වලවල් වලින් පිරි ස්ථානයක පැළයක් රෝපණය කරන්න.මන්දයත්, සැමවිටම වැලි මීයන් වැනි සතුන් ගැවසෙන්නේ සරුසාර බිම් කඩක් තුළ පමණක් වන නිසාවෙනි.
👉සර්පයෙකුට වුවද සුවසේ උණුසුම්ව ගැවසිය හැකි අන්දමේ නිදහස් පරිසරයක් තුළ ඔබේ නිවහන තනාගන්න. නිවහනකට සුදුසුම තැන එතැන වනු නිසැකය.
👉කුරුල්ලන් ඉඩෝර කාලයේදී ලැඟුම් ගන්නා භූමියේ ඔබේ ලිඳ සකසාගන්න..ඒ අභ්‍යන්තර ජල මූලාශ්රයන් ආසන්නයේ ඔවුන් ලැඟුම් ගන්නට රිසි නිසාවෙනි..
👉අලුයම සියොතුන්ගේ හඬ සවන් වැකෙන මොහොතේ අවදිවන්න..එවිට, දවස සුබදායක වනු නිසැකය.
👉හැකි සෑම විටම කොළ පැහැති එළවලු, පළතුරු, ධානය වර්ග අනුභව කරන්න.එවිට ඔබට වනාන්තරයේ වෙසෙන නිරෝගිමත් ජීවින්ගේ මෙන් ශක්තිමත් පා යුගලක් මෙන්ම ප්‍රතිරෝධී හදවතකට උරුමකම් කිව හැක.
👉නිතරම පාහේ පිහිනීමේ යෙදෙන්න. ජලයේ පිහිනන මාළුවෙකුගේ සැහැල්ලුව නිදහස ඔබට මිහිමතදී ම දැනෙනු ඇත.
👉හැකි සෑම විටම අහස්තලය දෙස බලන්න. එවිට ඔබේ සිතිවිලි වඩාත් සැහැල්ලු හා පැහැදිලි වනු ඇත.
👉බොහෝ සෙයින් නිශ්ශබ්ද පුද්ගලයකු වන්න..එවිට ඔබේ හදවත තුළට නිහඬබව පැමිණ ඔබේ මුළු ආත්මයම සන්සුන් බවින් හා සාමකාමීත්වයෙන් වෙලාගනු ඇත.
පෝස්ට් එක වැදගත් කියල හිතෙනවා නම් share කරලා,.
ස්තුතියි! ❤️
0 comments:
Post a Comment