Dawasak Thyewee Song Lyrics - දවසක් තියේවී ගීතයේ පද පෙළ

Dawasak Thyewee Song Lyrics - දවසක් තියේවී ගීතයේ පද පෙළ
Song Title : Dawasak Thyewee (දවසක් තියේවී)
ගායනය : මිල්ටන් මල්ලවාරච්චි
සංගීතය : ස්ටැන්ලි පිරිස්
ගී පද : අජන්තා රණසිංහ

දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා

නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්‍රියේ

දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා

හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ
නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ
ඔබටත් ලබාවී දවසක් මට වාගේ
මට තම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්‍රියේ

දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුලක් තියෙවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment