Song Title : Dasa Piya Gath Kala (දෑස පියා ගත් කල)
Singing : Clarance Wijewardana (ක්ලැරන්ස් විජේවර්ධන මහත්මා)
දෑස පියා ගත් කල මට
මැවෙන්නේ ඔබේ රුව
ඈත කඳුකරෙන් එන නළ
ගෙනෙන්නේ ඔබෙ හඬ //
කුමරියේ අමතක නොවේ
ලස්සන රුවේ සිත සැනසුවේ...//
අතින් අත වෙලී වෙරළේ තනිවුන මොහොතේ
ඈත නිම් වලල්ලේ නෙත් රැදවුන මොහොතේ //
සිත කැලඹුනේ ඇයි නොම දැනේ
කී දෙයක්ද අරුමයක්ද මට සිතා ගන්න නොදී
දෑස පියා ගත් කල මට
මැවෙන්නේ ඔබේ රුව
ඈත කඳුකරෙන් එන නළ
ගෙනෙන්නේ ඔබෙ හඬ //
කුමරියේ අමතක නොවේ
ලස්සන රුවේ සිත සැනසුවේ...//
රළින් රළ හැපී පෙන කැටි විසිරෙනු දැකලා
නිමිනොවු සතුටින් හසරැල් පිපිලා //
මතකය මගේ අවදි වුනේ
ඒ එදාය මේ මෙදාය
මට සිතා ගන්න නොදී
දෑස පියා ගත් කල මට
මැවෙන්නේ ඔබේ රුව
ඈත කඳුකරෙන් එන නළ
ගෙනෙන්නේ ඔබෙ හඬ //
කුමරියේ අමතක නොවේ
ලස්සන රුවේ සිත සැනසුවේ...//
0 comments:
Post a Comment