චොක්ලට් රෝල් ලිට්ල් ලයන් රසට නිවැරදිව හදමු ( Chocolate Roll )

චොක්ලට් රෝල් ලිට්ල් ලයන් රසටම හදන්න පුලුවන්නම් හොදයි නේද ?....අද අපි කියල දෙන්න යන්නේ කොහොමද චොක්ලට් රෝල් ලිට්ල් ලයන් රසට හදන්නේ කියල.

අවශ්‍ය ද්‍රව්‍ය:

  • බිත්තර කහ මද 6යි
  • සුදු මද 6යි
  • තෙල් 60 ml
  • 100 ml උණු වතුරට චොකලට් පවුඩර් මේස හැදි 2ක් මික්ස් කරන්න
  • සීනි 130g (65g ගානේ 2ට බෙදා ගන්න )
  • පිටි 100g
  • අයිසින් වලට
  • බටර් (නම් වඩා හොදයී)
  • අයිසින් සීනි
  • චොක්ලට් මේස හැදි 2
  • වනිලා බින්දු 2
  • කිරි පිටි පොඩ්ඩක්

සාදාගන්නා ආකාරය:

  1. බිත්තර සුදු මද 6 සීනි 65 සමඟ මිශ්‍ර කර සුදු පාට පුලුන් වගේ වෙන තුරු බීට් කර වෙනමම තියා ගන්න.
  2. වෙනත් භාජනයක් ගෙන කහ මද බීට් කරන්න.
  3. ඉන්පසු එයට ඉතිරි සීනි ටික දාන්න.හොඳින් බීට් කරන්න.
  4. තෙල් දාන්න.හොඳින් බීට් කරන්න.
  5. පිටි දාන්න .හොඳින් බීට් කරන්න.
  6. උනු වතුරේ දිය කර ගත් චොකලට් දාන්න.වැනිලා දාන්න.හොඳින්බීට් කරන්න.
  7. දැන් මිශ්‍රණ 2කම එකතු කර ලාවට අතින් මික්ස් කරන්න.
  8. 38.7*26 cm තැටි 2 ක් ගෙන බේකින් ශීට් දා උඩින් තෙල් ස්ප්‍රේ කර ගන්න.
  9. මික්ස් එක දාලා අවන් එකේ මිනිත්තු 10ක් 355Fපැරන්හයිට් අගයක බේක් කරන්න.
  10. අවන් එකෙන් එලියට අරන් තෙතෙ රෙද්ද කින් වසා විනාඩි 3 ක් තියන්න.
  11. ඉන්පසු රෙද්ද අයින් කර අලුත් බේකින් ශීට් එකක් දමා කේක් එක අනිත් පැත්ත හරවන්න.
  12. විනාඩි 5 කට පසු හිමින් පරණ කොලය අයින් කරන්න.
  13. චොකලට් අයිසින් ටික ගාන්න.
  14. එය හිමින් ලස්සනට රෝල් කරන්න.
  15. යට තියන කොලේම ඔතා තද කර අධි ශීතකරනයේ තියා විනඩි 30 කින් එලියට ගන්න.
චොක්ලට් රෝල් ලිට්ල් ලයන් රසට නිවැරදිව හදමු ( Chocolate Roll )


මෙම recipe එක Ama Ranatunga සොහොයුරියගේ වන අතර, උපුටා ගන්නේ නම් ඇයගේ අවසරය මත සිදුවිය යුතුයි.
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment