චොක්ලට් රෝල් ලිට්ල් ලයන් රසටම හදන්න පුලුවන්නම් හොදයි නේද ?....අද අපි කියල දෙන්න යන්නේ කොහොමද චොක්ලට් රෝල් ලිට්ල් ලයන් රසට හදන්නේ කියල.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බිත්තර කහ මද 6යි
- සුදු මද 6යි
- තෙල් 60 ml
- 100 ml උණු වතුරට චොකලට් පවුඩර් මේස හැදි 2ක් මික්ස් කරන්න
- සීනි 130g (65g ගානේ 2ට බෙදා ගන්න )
- පිටි 100g
- අයිසින් වලට
- බටර් (නම් වඩා හොදයී)
- අයිසින් සීනි
- චොක්ලට් මේස හැදි 2
- වනිලා බින්දු 2
- කිරි පිටි පොඩ්ඩක්
සාදාගන්නා ආකාරය:
- බිත්තර සුදු මද 6 සීනි 65 සමඟ මිශ්‍ර කර සුදු පාට පුලුන් වගේ වෙන තුරු බීට් කර වෙනමම තියා ගන්න.
- වෙනත් භාජනයක් ගෙන කහ මද බීට් කරන්න.
- ඉන්පසු එයට ඉතිරි සීනි ටික දාන්න.හොඳින් බීට් කරන්න.
- තෙල් දාන්න.හොඳින් බීට් කරන්න.
- පිටි දාන්න .හොඳින් බීට් කරන්න.
- උනු වතුරේ දිය කර ගත් චොකලට් දාන්න.වැනිලා දාන්න.හොඳින්බීට් කරන්න.
- දැන් මිශ්‍රණ 2කම එකතු කර ලාවට අතින් මික්ස් කරන්න.
- 38.7*26 cm තැටි 2 ක් ගෙන බේකින් ශීට් දා උඩින් තෙල් ස්ප්‍රේ කර ගන්න.
- මික්ස් එක දාලා අවන් එකේ මිනිත්තු 10ක් 355Fපැරන්හයිට් අගයක බේක් කරන්න.
- අවන් එකෙන් එලියට අරන් තෙතෙ රෙද්ද කින් වසා විනාඩි 3 ක් තියන්න.
- ඉන්පසු රෙද්ද අයින් කර අලුත් බේකින් ශීට් එකක් දමා කේක් එක අනිත් පැත්ත හරවන්න.
- විනාඩි 5 කට පසු හිමින් පරණ කොලය අයින් කරන්න.
- චොකලට් අයිසින් ටික ගාන්න.
- එය හිමින් ලස්සනට රෝල් කරන්න.
- යට තියන කොලේම ඔතා තද කර අධි ශීතකරනයේ තියා විනඩි 30 කින් එලියට ගන්න.
මෙම recipe එක Ama Ranatunga සොහොයුරියගේ වන අතර, උපුටා ගන්නේ නම් ඇයගේ අවසරය මත සිදුවිය යුතුයි.
0 comments:
Post a Comment