Bambareku Awai Song Lyrics - බඹරෙකු ආවයි ගීතයේ පද පෙළ

Bambareku Awai Song Lyrics - බඹරෙකු ආවයි ගීතයේ පද පෙළ
Song Title : Bambareku Awai (බඹරෙකු ආවයි ගීතයේ පද පෙළ)
Singing : Pandith W.D. Amaradewa and Umaria (පණ්ඩිත් ඩබ්ලිව්.ඩී අමරදේව මහත්මා)

බඹරෙකු ආවයි නිරිත දිගේයා
හද පෑරූවයි මියුරු රසේයා
මල් බර වූවයි සෝකෙන් බෝවා
කඳුළු ගැලූවයි දෙලෝ ගැබේයා

සීත හිමේ ලෙනකට පිවිසුනාදෝ
ඈත එපිට ගිරි කුලකට ගියාදෝ
මෑත මෙපිට මේ හදෙහිම ලගීදෝ
දෑස අඳුරු වී මා තනි වුනාදෝ

සලමින් සුමුදු පොඩි අත්තටු මියුරු සරින්
නල මුදු සුවඳ විඳගන්නට ගියත් වරෙන්
බල බිඳ දමා හිරු යනවිට අවරගිරින් 
සලමින් පිපුණ මල්පැණි බොනු රිසිව වරෙන්

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)

0 comments:

Post a Comment