Ahasa Polowa Watapitawa Song Lyrics - අහස පොළව වටපිටාව ගීතයේ පද පෙළ

Ahasa Polowa Watapitawa Song Lyrics - අහස පොළව වටපිටාව ගීතයේ පද පෙළ
Song Title : Ahasa Polowa Watapitawa (අහස පොළව වටපිටාව)
ගායනය : සුනිල් එදිරිසිංහ
සංගීතය : රෝහණ වීරසිංහ
ගී පද : යමුනා මාලිනී පෙරේරා

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක් //

කනට මිණක තරුවක රුව
නොපෙනුනි ඔබ දකින තුරා
ලොවක සිරිය නොදුටිමි මා
ඔබෙ සෙනෙහස ලබන තුරා

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක්

විලක දොලක සුව නොලදිමි
ඔබ මා හා රැඳෙන තුරා
මලෙක සුවඳ ඇත මසිතේ
ඔබ මා ළඟ සිටින තුරා

අහස පොළව වටපිටාව හරිම හිස්තැනක්
ගහක් කොළක් දියක් නොමැති කාන්තාරයක්
ඇදී එන්න ඒ මොහොතේ හඬාවැටෙන හද මඬලට
ඔබයි මමයි ඉන්නා තැන කොහිද තනිකමක්
නැහැනේ තනිකමක්
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment