Aduru Kutiya Thula Song Lyrics - අඳුරු කුටිය තුළ ගීතයේ පද පෙළ

Aduru Kutiya Thula Song Lyrics - අඳුරු කුටිය තුළ ගීතයේ පද පෙළ
Song Title : Aduru Kutiya Thula (අඳුරු කුටිය තුළ)
ගායනය : ටී. එම්. ජයරත්න
සංගීතය : ප්‍රේමසිරි කේමදාස
පද රචනය : ප්‍රේමදාස ශ්‍රී අලවත්ත

අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා 
දෙවියන් හට නෑසේ
ඒ....දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ 
දෙවියෝ වැඩ ඉන්නේ //
බලන් කඩතුරා හැර දෑසේ //

සිනිදු සුවැති සළු සිරසින් හැරදා
දූවිලි මඩ වැකි පිලි ගත පලඳා
දෙවියන් රුව දකිනට හැක්කේ
අහා...ආ......ආ...

අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා 
දෙවියන් හට නෑසේ
ඒ....දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ 
දෙවියෝ වැඩ ඉන්නේ //
බලන් කඩතුරා හැර දෑසේ //

කුසුම් සඳුන් දුම් සුවඳින් වැලකී
ගත නැගි දහඩිය සුවඳින් සැරසී
දෙවියන් හා  එක්විය හැක්කේ
අහා...ආ......ආ...

අඳුරු කුටිය තුළ දොරගුළු ලාගෙන
ගයන ගීතිකා යදින යාතිකා 
දෙවියන් හට නෑසේ
ඒ....දෙවියන් හට නෑසේ
පොළොව කොටන තැන පාර තනන තැන
ගිනියම් අව්වේ මහ වරුසාවේ 
දෙවියෝ වැඩ ඉන්නේ //
බලන් කඩතුරා හැර දෑසේ //

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment