Adaraye Ulpatha Wu Amma Song Lyrics - ආදරෙයේ උල්පත වූ අම්මා ගීතයේ පද පෙළ

Adaraye Ulpatha Wu Amma Song Lyrics - ආදරෙයේ උල්පත වූ අම්මා  ගීතයේ පද පෙළ
Song Title : Adaraye Ulpatha Wu Amma (ආදරෙයේ උල්පත වූ අම්මා)
Singing : Victor Rathnayaka (වික්ටර් රත්නායක මහත්මා)

ආදරෙයේ උල්පත වූ අම්මා 
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිනෙන්නෙමි
සුලැඟිල්ලේ එල්ලී

සඳ දියකොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිවමතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙනදී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩිකල අම්මා

තුරුලට ගෙන අත්පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැඳී
ගෙනදී දිවියට නව පණ ලැබදී
මා දැඩිකල අම්මා

සිංහලෙන් සැකසුම - Anjana Edirisinghe (අංජන එදිරිසිංහ සොහොයුරා)
👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇

0 comments:

Post a Comment