මේ අලුත් සතියේ අපේ පළමු කතාව මම පටන්ගන්න හිතුවේ බෞද්ධ ජනයාගේ පූජනීයම ස්ථානයක් ගැන.ඒ ශ්‍රී දළදා මාලිගයයි.
කොයිතරම් අපි මෙහි යන්න ඇතිද? කොයිතරම් ආගමීක වත් පිලිවෙත් ඉටු කරන්න ඇති ද? මෙහි ආගමීක වටිනාකම ගැන බොහෝ දෙනා දන්නවානේ ඒ බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැන්පත් කර ඇතතේ දළදා මාළිගයේ වන නිසායී.
නමුත් මම අද ඔයාලත් එක්ක බෙදා ගන්නේ අපි අද දකින දළදා මැදුර කොහොමද නිර්මාණය වුණේ කියලා..
ඔයාලා දන්නව ද උඩරට රාජ්‍ය සමයේ (1592 සිට 1815) දළදා මැදුර පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමයි.. ඒ අනුව ශ්‍රී දළදා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමලධර්මසූරිය (1592 – 1604) රජතුමා විසිනි. එතුමා ඉදිකළ ශ්‍රී දළදා මාලිගාව පෘතුගීසි ආක්‍රමණිකයෝ විනාශ කරලා දැම්මා...
ඉන්පසු බලයට පත් දෙවන විමලධර්මසූරිය රජු දවස ක්‍රි.ව. (1687- 1707) අතර කාලයේ දී දෙවන විමලධර්මසූරිය රජු විසින් මහල් තුනකින් යුත් ගොඩනැගිල්ලක් දළදා වහන්සේ තැන්පත් කිරීම සඳහා ඉදිකරලා තියෙනවා..
ඉන්පස්සේ, දළදා වහන්සේ වඩා හිඳවා තිබෙන අද අප නරඹන දළදා මාලිගය තනවීමට අඩිතාලම දැමුවේ වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ (1707-1739) රජු විසින්..
ඔහු දළදා වහන්සේ උදෙසා දෙමහල් දළදා මාලිගයක් කරවා එය ජාතක කතා දෙතිසකින් අලංකාර කළ බව මහාවංශය සඳහන් කර තිබෙනවා.ඊට පසු කීර්ති ශ්‍රී රාජසිංහ රජු ඒ මාලිගය ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා.
ඉන්පසු අවසාන රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු එහි පත්තිරිප්පුව ඉදිකළා..තවත් පැහැදිලි කළොත් වර්තමානයේ දක්නට ලැබෙන පත්තිරිප්පුව සහිත ඉදිරි කොටස ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ පාලන කාලයේ 1798 - 1815 දේවේන්ද්‍ර මූලාචාර්ය නම් ශිල්පියා විසින් තමා ඉදිකරලා තියෙන්නේ..
මෙම ගොඩනැගිල්ල විශේෂිත අවස්ථාවල රජු මහජනතාව ඇමතීම සඳහා භාවිත කරලත් තියෙනවා.දියරැලි බැම්ම හෙවත් වලාකුලු බැම්ම ද දළදා මාළිගයේ විශේෂ ගෘහ නිර්මාණ අංගයකි..මෙය ද ශ්‍රී වික්‍රම රාජසිංහ රජ දවස ඉදිකළ එකකි..
ඔන්න ඕකයි දළදා මාලිග ගෘහය නිර්මාණය වීමේ කතාව කෙටියෙන්.
මෙහි ඇතුලත් කරුණු වලට තවත් යමක් එක් කිරීමට ඇත්නම් එය අන් අය සමග බෙදාගන්න..
පින්තූර මුල් අයිතිකරු සතුයි 📸🙏
0 comments:
Post a Comment