කොලෙස්ටරෝල් තියන අයට හරිම ගුණ කෑමක් ශ්‍රී ලංකාවේ දුන්තෙල් බත,හදලම බලන්න. සුවඳ විහිදුවමින් කෑම රුචිය වැඩි කරයි...
අවශ්‍ය ද්‍රව්‍ය:
- සුවඳැල් සහල් 300g
- ලුණු 30g
- දුන්තෙල් වලින් තෙම්පරාදු
- කරගත් කුඩාවට කපාගත් ලංකා අල 200g
- කජු 100g
- මුද්දරප්පලම් 20g
- රම්පෙ , කරපිංචා ස්වල්පයක්
- කරදමුංගු ඇට 3
- කරාබු නැටි 3
- තෙලෙන් බැඳගත් කරපිංචා කොළ ටිකක්
- දුන්තෙල් මේස හැදි 8 පමණ
- ලුණු ස්වල්පයක්
- පොල් කිරි 300g
- වතුර ලීටර් 2
ස්ටොක් එක සාදන ක්‍රමය:
- කරපිංචා, කරාබු නැටි, කරදමුංගුඑක පොට්ටනියකට දමා බැඳගන්න.
- පළමුව භාජනයක් ගෙන එයට වතුර, ලුණු සහ කරාබු නැටි, කරපිංචා, කරමුංගු මිශ්‍ර පොට්ටනිය දමා තම්බාගන්න.
- ලිපෙන් බාගන්නට ආසන්නව පොල්කිරි ටික දමා උතුරවා ගන්න.
- අවසානයේ මෙම ස්ටොක් එක ලීටර් 1 1/2කට පමණ සැකසේ.
බත සකසා ගැනීම:
- සහල් හොඳින් කහ වතුරෙන් සෝදාගන්න. භාජනයකට දුන්තෙල් දමා රත් වූ පසු රන්වන් පැහැය වනතුරු ළූණු, රම්පෙ, කරපිංචා බැදගන්න.
- පසුව සෝදාගත් සහල් ටික එයට දමා විනාඩි 2ක් පමණ බැදෙන්නට හරින්න.
- ඉහත සාදාගත් පොල්කිරි මිශ්‍ර ස්ටොක් එක සහල් මිශ්‍රණයට එක්කර ගන්න. සාමාන්‍ය බතක් සකසන ආකාරයට එවිට බත සකසාගත හැකියි.
- පසුව බැදගත් කජු, කරපිංචා, රම්පෙ, මුද්දරප්පලම් ටික දමා හැන්දෙන් දෙපාරක් කරකවා කලවම් කරගන්න.
- සුවඳ විහිදුවමින් කෑම රුචිය ඇති කරන මේ දුන්තෙල් බත කෑම මේසයට යවන්න.
0 comments:
Post a Comment