අද මම ඔයාලට අරගෙන ආවා කුරක්කන් කැඳ..උදේ ආහාරයට මේ කැඳ වීදුරුවක් තිබුනානම් හොදටම ඇති..බොහොම රස ඒ වගේම ගුණ කුරක්කන් කැඳ එක වීදුරවක් ඇති බඩ පිරෙන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කුරක්කන් පිටි කෝප්ප 1/2
- හොදින් පොඩි කරගත් කැකුළු බත් ටිකක්
- ඉගුරු සුදු ලුණු තලා ගෙන
- පොල්කිරි කෝප්ප බාගයක්
- සිනි ස්වල්පයක්
- රස අනුව ලුණු
සාදන ක්‍රමය:
- කුරක්කන් පිටි ඉගුරු සුදුලුනු එකතුකර වතුර කෝප්ප හතරක් පමණ එකතුකර ලිපේ තියන්න.
- උතුරන විට පොඩි කරගත් බත් දාන්න.
- අවසානයේ පොල් කිරි එකතුකර සිනි සහ ලුනු රස අනුව දමා ලිපෙන් බාන්න.
- උකු වැඩි නම් වතුර එකතු කරන්න.
0 comments:
Post a Comment