Song Title : Kandulu Thamai Me Hinahenne (කදුළු තමයි මේ හිනැහෙන්නේ)
Singing : Anupama Gunasekara (අනුපමා ගුණසේකර මහත්මිය)
Lyrics : Sajith (සජිත්)
Music : Sandaruwan Jayasinghe (සඳරුවන් ජයසිංහ)
කදුළු තමයි මේ හිනැහෙන්නේ
ඔබම තමයි ඒ ගැන දන්නේ
මියැදුනු සිහිනෙක සිනහ දකින්නට
පාරමිතා පුරනා ඔබෙ පෙම්වතියයි මා
සිතල අත්ලට බර දීලා
රිදෙන කදුළු කැට උහුලාලා
අහිංසකම සිනහව මකලා
මගෙන් උදුරගත් දා ඉදලා
අහිමි පැතුම් මුළු හිත පිරිලා
යලි ඔබ හිනැහෙයි නම්
නොහඩා ඉන්නම් මං
නිදි නැති රැය ඔබ ලග වැටිලා
ගැහෙන පපුව උඩ සැතපිලා
නොසැලෙන ඇස් දෙක දිහා බලා
සැනසෙන්නම් අපි ගැන හිතලා
සිහින ලොවින් ඇස් දෙක ඇරලා
යලි ඔබ එනවා නම්
තව හිනැහෙන්නම් මං
කදුළු තමයි මේ හිනැහෙන්නේ
ඔබම තමයි ඒ ගැන දන්නේ
මියැදුනු සිහිනෙක සිනහ දකින්නට
පාරමිතා පුරනා ඔබෙ පෙම්වතියයි මා
0 comments:
Post a Comment