හදන්න අමාරුයි වගේ හිතුනට හරියටම මෙන්න මේ පියවර ටික අනුගමනය කලොත් ලේසියෙන්ම පේස්ට්‍ර් හදා ගන්න පුළුවන්.
අවශ්‍ය ද්‍රව්‍ය:
- පිටි 1kg
- ලුණු 15g
- සීනි 20g
- මාගරින් 100g
- වතුර 530g
- පේස්ට්‍ර් මාගරින් 650g (පේස්ට්‍ර් මාගරින් වෙනමම ගන්න තියනවා)
සාදන ක්‍රමය:
- පේස්ට්‍ර් මාගරින් හැර අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කර මෝලියක් සාදා ගන්න. වතුර මැන භාවිතයට ගෙන මෙය අතේ නොඇලෙන ලෙස මෝලියක් සාදා ගන්න.
- මෙම මෝලිය හොදින් අනා ගෙන රවුම් කර විනාඩි 30ට වැඩි කාලයක් විවේකීව තබන්න.
- ඉන්පසුව මෙම මෝලිය රෝලින් පින් එකක් භාවිතා කර හරි මැද සිට හතර පැත්තට කෙලවර තුනී වන ආකාරයට තුනී කරන්න. වැදගත්: පෙති වල ඝනකමට වැඩියෙන් මෝලියේ මැද උසට තිබිය යුතුයි.
- මෙම තුනී කර ගත් මෝලියේ මැදට පේස්ට්‍ර් මාගරින් 650g තබා පිටතට නොපෙනෙන සේ ආවරණය වන පරිදි කලින් දිග හරින ලද පෙති එකිනෙක පලල් කොට මැදට නමන්න.
- දැන් පේස්ට්‍ර් මාගරින් සහිත මෝලිය මැද සිට පේස්ට්‍ර් මාගරින් එලියට නොඑන ලෙස රෝලින් පින් එක භාවිතයෙන් ඉදිරියට හා පසු පසට නැවත තුනී කරන්න.
- අවශ්‍ය ආකාරයට (සෘජුකොනාස්‍ර හැඩයට ගත් විට පහසුයි) තුනී කර ගත් මෝලිය කොටස් 3ට ලකුණු කර එක පිට එක වැටෙන සේ දෙපැත්තෙන් මැද්දට නමන්න.
- ඉන්පසු මෙම මෝලිය විනාඩි 15කට වැඩි කාලයක් විවේකීව තබා නැවතත් තුනී කර කලින් ආකාරයටම කොටස් 3ට ලකුණු කර එක පිට එක වැටෙන සේ දෙපැත්තෙන් මැද්දට නමන්න.(මේ ආකාරයට 4 වරක් නැමිය යුතු අතට මෙය මාසයක කාලයක් උවද ශීතකරනයේ තබා පේස්ට්‍ර් සාදා ගත හැක. )
- අවසාන වශයෙන් මිලිමීටර් 3ක ඝනකමට තුනී කර අවශ්‍ය හැඩ අනුව කපා ගන්න.
- එයට තමන් කැමති පිරවුමක් යොදා අවන් එකේ තබන ට්‍රේ එකක (ට්‍රේ එකෙහි බටර් හෝ මාගරින් තවරා ගන්න) තබා බිත්තර ආලේප කර 200`C උශ්ණත්වයට විනාඩි 25ක් බෙික් කරන්න.(විනාඩි 20කින් පසු පේස්ට්‍ර් වල පැහැය සුවදත් සමග රන් වන් පැහැ වී ඇත් නම් අවන් එකෙන් බා ගන්න.)
0 comments:
Post a Comment