Song Title : Apa Hamu Uwath Nowunath (අප හමු වූවත් නිවුනත්)
Singing : T.M. Jayarathna (ටී.එම් ජයරත්න මහත්මා)
අප හමුවූවත් නොවුණත්
කාලය ගතවී යනවා
අප තනි වූවත් නොවුණත්
ලොව එකසේ පවතිනවා //
ලොව මල් පිබිදෙන්නේ
යළි පරවෙන්නට නම්
අප හදවත් එක්වන්නෙත්
වෙන්වන්නට නම්
යළි වෙන්වන්නට නම්
අප හමුවූවත් නොවුණත්
කාලය ගතවී යනවා
අප තනි වූවත් නොවුණත්
ලොව එකසේ පවතිනවා //
පෙරුම් පුරා හමුවන්නෙත්
දිගු කලෙකින් නම්
හමුවූවත් යළි සැනෙකින්
වෙන්වී යයි නම්
අප යළි තනිවේ නම්
අප හමුවූවත් නොවුණත්
කාලය ගතවී යනවා
අප තනි වූවත් නොවුණත්
ලොව එකසේ පවතිනවා //
0 comments:
Post a Comment