Adara Samarum Katiwu Song Lyrics - ආදර සැමරුම් කැටිවූ ගීතයේ පද පෙළ

Adara Samarum Katiwu Song Lyrics - ආදර සැමරුම් කැටිවූ ගීතයේ පද පෙළ

Song Title : Adara Samarum Katiwu (ආදර සැමරුම් කැටිවූ)
Singing : Sanath Nandasiri (සනත් නන්දසිරි මහත්මා)


ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ.......
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ.......

දහසක් මිණි මල් ලියකම් පෙම් පිදුවූ රන් කැටයම්
යමුනාවේ තරඟ මතින් මට පිළිබිඹු වේවා
චමත්කාර අතීත සඳු යළිත් ජනිත වේවා.......

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ.......
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
මහද අඳුරු ලෙන අතහැර වඩින්න දේවියේ.......

අපගේ පෙම් පුරා වතින් දෙරන හෙලූ කඳුළු ගලා
මැදුරත කිරි ගරුඬ පවුරු පබා කැළුම් දේවා.......
සනාතන වූ පෙම් සිතුවම් එහි සටහන් වේවා

ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ.......
එවන් නිමල මැදුර බලා වඩින්න දේවියේ
හෙට දින මා එනතුරු එහි නිදන්න දෙවි.......
ආදර සැමරුම් කැටිවූ නෙතු කඳුළින් මුතු පබුලින්
නිමා කළෙමි සිහිවටනය යමුනා තීරේ.......
යමුනා තීරේ....... යමුනා තීරේ....... යමුනා තීරේ.......

0 comments:

Post a Comment