හීන ගැන කියන ගුප්ත කතා හරියට තියනවා (There Are Stories About Dreams)

හීන ගැන කියන ගුප්ත කතා හරියට තියනවා (There Are Stories About Dreams)
  1. නිදියන් ඉද්දි කවදා හරි උඩක ඉදං බිමට අතාරිනවා වගේ වැටෙනවා වගේ දැනිලා තියනවද? 
  2. ගැස්සිලා ඇහැරිලා තියනවද?
  3. අමුතු අත්භූත හැගීමක් එක්ක ඩාඩිය දාලා උඩ ගිහින් ඇහැරෙනවද?
  4. ඇදෙන් බිමට ඇදලා දාන්න හැදුවා වගේ දැනුනද?
  5. කවුරු හරි පපුවට ගැහුවා වගේ දැනිලා තියේද?
මේක අත්භූත බලපෑමක්ද? විද්‍යාත්මකද? කියවන්න. මේ කියන්නේ ඒ ගැන. 
ගොඩක් අය කියන කතාවක් තමයි අපි නින්දේ ඉද්දි අපේ මනෝකාය අපේ ශරීරයෙන් ඉවත් යන බව. ගොඩක් අය කියන්නේ ඒ ඉවතට යන මනෝකාය නැවත ශරීරයට ඇතුලු වෙද්දි මෙහෙම වෙනවලු. තව අය කියනවා මනෝකාය ශරීරයෙන් පිට උනාට පස්සේ ශරීරයට භූත ආත්ම ඇතුල් වෙන්න උත්සහ කරද්දි මේ වගේ උඩකින් බිමට වැටෙනවා වගේ දැනෙන්නේ කියලා. මේවාගේ මත මිනිස්සු අතරට යන්නේ යම් දෙයක් නිශ්චිතව තහවුරු කරගන්න බැරි වුනාමයි. මේ මත දෙකම බැහැර කරලා විද්‍යාත්මක මතවාදයක් මේ ගැන කියන්න හදන්නේ.

නින්දෙදි අපිට හීන පේන්නේ අවස්ථාව REM sleep කියලා හදුන්වනවා. මේ වෙලාවේ හෘදස්පන්දනය හා ශරීර උෂ්ණත්වය ඉතාම පහල තැනක පවතින්නේ. ඉතින් ඔය අවස්ථාවෙදි මොළයට හිතාගන්න බැරිවෙනවා අපි නිදිද නැත්තං මැරිලද කියලා. ඉතින් ඒක පරික්ෂා කරගන්න මොළය කරන්නේ ස්නායු පද්ධතියට සංඥාවක් යවලා ඒ සංඥාවට ශරීරය ප්‍රතිචාර දක්වනවද කියලා බලන එක. මේක තමාගේ අභ්‍යන්තරයේ සිද්ධවෙන සන්නිවේදනයක්. අන්න නිකුත් කල සංඥාවට තමයි ඔය ගැස්සීම නැත්තං උඩකින් පහළට වැටීම වගේ දැනෙන්නේ.. මෙන්න මේ සිදුවීමට මිනිස්සු මිත්‍යාවක් ආරෝපණය කරලා භූත කතාවක් නිර්මාණය කලා. ඒ නිසා මිත්‍යාවේ ඇලෙන්න එපා. මේ වගේ මොහොතක කරන්න ඕන කලබල නොවී හිත සැහැල්ලු කරගෙන නැවත නින්දට යාම. මේවාගේ දේවල් ග්‍රාමිය මිනිස්සුන්ට පැහැදිලි කරන්න අමාරු කාලෙක බුදුගුණ සිහිපත් කරලා නින්දට යන්න කියලා කලෙත් මෙන්න මේ කියන හිත සංසුන් කරවීමම තමා.
හීන ගැන කියන ගුප්ත කතා හරියට තියනවා (There Are Stories About Dreams)

හීන ගැන කියන ගුප්ත කතා හරියට තියනවා (There Are Stories About Dreams)

හීන ගැන කියන ගුප්ත කතා හරියට තියනවා (There Are Stories About Dreams)
උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment