සීරීම් සලකුණු ඉවත් කර ගැනීමේ සරල ක්‍රම (Simple Ways To Get Rid Of Scratches)

 සීරීම් සලකුණු ඉවත් කර ගැනීමේ සරල ක්‍රම (Simple Ways To Get Rid Of Scratches)

එක් අතපසු වීමකින් ඔබ සතුව තිබෙන ප්‍රියතම භාණ්ඩ වල අවලස්සන සීරීම් ඇති විය හැකිය . නමුත් බලාපොරොත්තු කඩ කර ගැනීමට හෝ ආපදාවට ලක්වුණු භාණ්ඩය ඉවත දැමීම ට හෝ අවශ්‍ය නො වේ .නිවසේ තිබෙන සාමාන්‍ය ද්‍රව්‍ය උපකාරයෙන් ඔබටම මේ සරල සීරීම් පහසු වෙන් ඉවත් කර ගත හැකිය .විවිධ මතුපිට වල තිබෙන සීරීම් නැති කර අළුත් පෙනුමක් ලබා ගත හැකි ක්‍රමවේද යන් කිහිපයකි මේ.

1) වීදුරු මතුපිට
වීදුරු මතුපිටක තිබෙන කුඩා සීරීම් ඉවත් කිරීමට හෝ සගවා තැබීමට පහත ක්‍රම අනුගමනය කරන්න .පුළුන් පෑඩයකට හෝ කපු රෙදි කැබැල්ල කට හෝ දන්තාලේප ( කුඩා අංශු නැති ) ස්වල්පයක් දමා චක්‍රාකාරව හෙමින් තත්පර 10 ක් පමණ අතුල්ලන්න.ඉතිරි දත් බේත් ටික සෝදා හරින්න .

එසේම එළවළු තෙල් තුනී තට්ටුවක් සේ පුළුන් පෑඩයක් මගින් ඒ මතුපිට තත්පර කීපයක් ඇතිල්ලීමෙන් තාවකාලිකව සීරීම් ඉවත් කළ හැකි වේ.මේ සදහා වැස්ලින් ද භාවිත කළ හැකිය .

බේකිං සෝඩා වලට ජලය ස්වල්පයක් එකතු කොට සදාගන්නා තලපය සීරීම් ඇති වීදුරු මතුපිට ආලේප කරන්න .පසුව කපු රෙදි කැබැල්ල කින් අතුල්ලන්න .ඉතිරි ව ඇති දෑ තෙත රෙදි කඩකින් ඉවත් කරන්න .

වින්ඩ්ස්ක්‍රීන් පොලිෂ් ද මේ සදහා යොදා ගත හැකිය .

2) සම් භාණ්ඩ මතුපිට
සම්භාණ්ඩ මතුපිට සීරීම් ඉතා පොදු වේ. ඒවා එතරම් බරපතළ නොවන අතර ,ඔබට ම නිවසේ දී සකස් කර ගැනීමට පුළුවන .එළවළු තෙල් ස්වල්පයක් ගෙන කපු පිස්නාවකින් ඒ සීරීම මත ගල්වන්න .චක්‍රාකාර ලෙස අතුල්ලන්න .පසුව වියළී මට ඉඩ හරින්න . ඉතිරි ව ඇති තෙල් පිරිසිදු රෙදි කඩකින් පිසදාන්න.අවශ්‍ය නම් නැවත ද කරන්න .

නිය ආලේපන ද මේ සදහා පාවිච්චියට ගන්නට පිළිවන .භාණ්ඩ යේ වර්ණ යට ගැලපෙන නිය ආලේපන යක් තෝරා ගෙන දත් කූරකින් සීරුණු තැන ගල්වන්න .

ඉට් භාවිත යෙන් ද මේවා ඉවත් කළ හැකිය .මී ඉටි ( හෝ ඉටිපන්දම් ඉටි ) යොදා ගන්න .ඉටි උණු කර සීරීම් මත ගල්වන්න .ෆ්ලැනල් රෙදි කඩකින් පිස දමන්න .හම් භාණ්ඩ යේ පැහැය ට සමාන පැහැය ඇති සපත්තු පොලිෂ් වලින් හෝ මාර්කර් පෑනකින් හෝ පාට කිරීමෙන් ඉටි ප්‍රතිකාර යේ සලකුණු සගවා ලිය හැකිය .

3) ලී මතුපිට
මේ සදහා පහත ව්ධි අනුගමනය කරන්න .කළු පාට ලී සදහා අයඩින් ඔබට උපකාරී වේ. වතුර යොදා තනුක කළ අයඩින් ද්‍රාවණය කපු පිස්නාවකින් සීරීම් තැන ගාන්න.අවශ්‍ය නම් පසුව වාර්නිෂ් ආලේප කොට නිමා ( finish ) කර ගන්න .වොල්නට් සාරයෙන් කොටසක් ගෙන අදාල ස්‍ථානයේ අතුල්ලන්න .සීරීම් අදුරු වර්ණ වූ පසු රෙදි කැබැල්ල කින් පිස දමන්න .අවර්ණ වාර්නිෂ් වලින් ආලේප කර ගන්න .

ලී මතුපිට පිපිරීමකට ( ඉරි තැලීමකට ) ලක්වී ඇත්නම් බිත්‍තර කහමදය අනුසාරයෙන් එහි මුල් පෙනුම ලබා ගත හැකි වන සේ ප්‍රතිසංස්කරණය කර ගත හැකිය .පුළුන් බෝලයක් මගින් පිපිරුම් ස්ථානයේ ඒවා ආලේප කරන්න .වැඩි කොටස් ඉවත් කර දින 2- 3 ක් ඉඩ හරින්න .ලීය තරමක් ඉදිමී පිපිරුම අඩු යනු ඇත .

4) ප්ලාස්ටික් මතුපිට
සාමාන්‍ය හිස කෙස් වියලන යකින් ( hair drier ) ප්ලාස්ටික් මතුපිට තිබෙන දෝෂ සගවා ලිය හැකිය .ඉතා අඩු විදුලි බලයකට සකසා උණුසුම් වා ධාරාව සීරුම දිගේ වදින්නට සලස්වන්න . සලකුණු නොපෙනී යනතුරු අවශ්‍ය වේ නම් උෂ්ණත්වය වැඩි කරන්න .විනාඩි 10- 15 ක් ඉඩ හරින්න .පසුව පොලිෂ් කර ගන්න .

කාර් පොලිෂ් ද මේ සදහා යොදා ගත හැකිය .කුණු ආදිය ඇත්නම් ඉවත් කර එය ආලේප කරන්න .මෘදු රෙදි කඩකින් මතුපිට හොදින් ඔප දමා ගන්න .

5) ලෝහ මතුපිට
විවිධ ලෝහ වර්ග තිබෙන නිසා එවැනි මතුපිට ඇති සීරීම් ප්‍රතිසංස්කරණය සදහා වෙනත් වෙනත් ආකාරයේ කටයුතු කළ යුතු වේ .රන් භාණ්ඩ වල සීරීම් ඉවත් කිරීම සදහා ඒ පිළිබදව නිපුණතා ඇති පුද්ගලයකු ට භාර දීම සුදුසු ය. මල නොකන වානේ මතුපිට සදහා නිවසේ දී ම කටයුතු සාර්ථක ව කළ හැකිය .හොදින් මදින ලද මල නොකන වානේ මතුපිට ක තිබෙන සීරීම් සලකුණු නිය ආරක්ෂක ආලේපයක් (nail buffer block ) මගින් ඉවත් කළ හැකිය .

සාමාන්‍ය සුදු දන්තාලේප යක රළු ගතිය උපකාරයෙන් ද විකල්ප වශයෙන් සීරීම් ඉවත් කළ හැකිය .දන්තාලේප ස්වල්පයක් එහි දමා මෘදු කෙටි කෙදි සහිත බුරුසුවකින් හෝ මෘදු රෙදි කඩකින් අතුල්ලන්න .පිරිසිදු රෙදි කැබැල්ල කින් ඉතිරිව ඇති දන්තාලේප ඉවත් කරන්න .

ඉහත ඕනෑම ක්‍රම වේදයක් උදව්වන්නේ සරල සීරීම් සදහා පමණි .ගැඹුරු සීරීම් සලකුණු සදහා අදාල වෘත්තිකයන් ගේ උපදෙස් අනුව කටයුතු කිරීමට හෝ පළුදු වූ භාණ්ඩය වෙනුවට අළුතින් මිළට ගැනීමට හෝ සිදු වන බව සිහියේ තබා ගත යුතුය .

උපුටා ගැනීමකි....

0 comments:

Post a Comment